ප්‍රමුඛ පුවත 1

උසස් පෙළ සමතුන්ටත් උපාධි හැදෑරීමට රජය ණය සපයයි

(UTV|කොළඹ) – රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන ආයතනවල උපාධි හදාරන අ.පො.ස. උසස් පෙළ සමත් තරුණ තරුණියන් වෙත ඔවුන්ගේ සාමාන්‍ය වියදම් ද ආවරණය වන පරිදි රුපියල් ලක්ෂ එකොළහක් දක්වා ණය මුදලක් වාණිජ බැංකු මගින් ලබාදීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කොට ඇත.

මේ අනුව වසර 3 ක උපාධියක් හදාරන සිසුවෙකුට රුපියල් දසලක්ෂ විසිපන්දහසක් (රු.10,25000/= ක්) සහ වසර 4 ක උපාධියක් සඳහා රුපියල් එකොළොස් ලක්ෂයක් (රු.1,100,000/= ක්) වශයෙන් මෙම ණය මුදල් ලබා ගත හැක.

කඩඉම් ලකුණු ක්‍රමවේදය හේතුවෙන් රජයේ විශ්වවිද්‍යාලවලට ඇතුළත්වීමට නොලැබෙන සිසුන්ට රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන ආයතනවල උපාධිපාඨමාලා හැදෑරීම සඳහා රුපියල් ලක්ෂ 8ක සීමාවකට යටත්ව පොළි රහිත ණය මුදලක් 2017 අයවැය යෝජනාවක් අනුව රජය විසින් දැනටමත් ලබා දෙනු ලැබේ.

ඊට සමගාමීව අ.පො.ස. උසස් පෙළ සමතුන්ට ද රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන ආයතනවල උපාධි හැදෑරීමට ඉහත සඳහන් ණය මුදල ලබාදිය යුතු බවට ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු ඇමැතිවරයා වශයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත්කළ යෝජනාවක් කැබිනට් මණ්ඩලය විසින් අනුමත කළ බව ද සමකැබිනට් ප්‍රකාශක ඇමැති ගයන්ත කරුණාතිලක මහතා අද (06) පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී පැවැසීය.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

 

Related posts

ජනපති හිරෝෂිමාවේ සංචාරයක

Mohamed Dilsad

ඇන්ජලීන් ගුණතිලක මහත්මීයගේ අවසක් කටයුතු ලබන අගහරුවාදා සිදු කෙරේ

Mohamed Dilsad

ජනපතිගෙන් උපධිදාරීන්ට යළිත් පොරොන්දු

Mohamed Dilsad

Leave a Comment