ප්‍රමුඛ පුවත 1

වසර 2020 වනවිට සියලු ග්‍රාමීය ප්‍රශ්නවලට විසදුම් ලබාදීමට පියවර

(UTV|කොළඹ) – වසර 2020 වනවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 332ක ග්‍රාමීය වශයෙන් තිබෙන සියලු ප්‍රශ්න සඳහා විසඳුම් ලබාදීමට පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පවසයි.

ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ වැයශීර්ෂ විවාදයේ අඳහස් දක්වමින් අද (6) පාර්ලිමේන්තුවේ දී අමාත්‍යවරයා මෙසේ පැවසී ය.

2017 වෙන් කළ මුදල්වලට වඩා මුදල් අවශ්‍ය වුණා. 2017 කෝටි 2853ක් මුදලක් අවශ්‍ය වුනා. සම්පූර්ණ පරිපාලන යාන්ත්‍රණය ප්‍රාදේශීය ලේකම් කාර්යාල,දිස්ත්‍රික් ලේකම් කාර්යාල, ග්‍රාම නිලධාරීන් 14022ක් සංවර්ධන නිළධාරීන් 17,000ක් ප්‍රාදේශීය කාර්යාල 332ක් වශයෙන් කටයුතු සිදු කරනවා.

ආපදාවට මුහුණ දීමට රාජ්‍ය යාන්ත්‍රණය යෙදවීමට සිදු වුණා. ග්‍රාම නිලධාරි වසම් 5000ක් නියඟයට හසු වුණා. පසුගිය දා නැවත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 130ක, නිවාස 27,000 හානි වුණා. ජීවිත 14ක් අහිමි වුණා.

නිලධාරීන් යොදවලා සියලු කටයුතු කරන්න හකි වුණා. නිලධාරීන් කැප වී 2017 සියලු ඉලක්ක ඉටු කළා.14022 ග්‍රාම නිලධාරි කාර්යාල එක් කෙරෙන නිල සේවන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන්න කෝටි 150ක් වෙන් කළා. 2020 වනවිට සියලු කාර්යල ඒකාබද්ධ කර කටයුතු කරන්න.

ගම් මට්ටමින් දැවෙන ප්‍රශ්නවලට විසඳුම් ලබදෙන්න කටයුතු කළා. ජනපති ජනතා නිල මෙහෙවර වැඩසටහන මෙයට ඇතුළත් කළා. මේ වැඩසටහනේ දී බලාපොරොත්තු වුනේ ගමේ ප්‍රශ්නය,අවම කිරීමටයි.අපි ගාල්ලට නොමිලේ 18000ක් හැදුනුම්පත් ලබාදුන්නා. කුරුණෑගල දිස්ත්‍රික්කයේ ප්‍රශ්න අවසන් කිරීමට කටයුතු කරනවා. මුලතිව්,කිළිනොච්චිය ක්‍රියාත්මක කරමින් යනවා. 2018 යාපනය දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේඛම් කොට්ඨශ 18ක් ඉලක්ක කරගෙන සිදු කිරීමට බලාපොරොත්තු වෙනවා.කුරුණැගල දිස්ත්‍රික්කයේ ජාතික හැදුනුම්පත් නොමැති සංඛ්‍යාව 80,000ක් සිටින බව හඳුනාගෙන තිබෙනවා.

සමස්ත රජය හැටියට ඉලක්ක සම්පූර්ණ කරගෙන ඉදිරියට ගමන් කරන්න. ලක්ෂ 10 වැඩසටහන් 14000ක් ක්‍රියාත්මක කළා.රාජ්‍ය සේවකයන්ගේ පැත්තෙන් විශාල පරිවර්ථනය කළා. ප්‍රාථමික ශ්‍රේණියේ මූලික වටුප 14,000යි 2020 වනවිට 29000ට ගෙන යනව. වසර 2020 වනවිට කළමනාකරණ සේවයේ වැටුප රුපියල් 15000 කින් වැඩි වෙනවා. සංවර්ධන නිලධාරි වැටුප 18000කින් වැඩි වෙනවා. අපි රජයක් හැටියට අතිරේක බිලියන 12ක් මේ සඳහා සොයන්න සිදු වෙනවා. රජයේ ඉලක්ක සම්පූර්ණ කිරීමට සමස්ත රාජ්‍ය යාන්ත්‍රණයේ අවධනය යොමුවිය යුතුයි.ප්‍රාදේශී ලේකම් කාර්යාල 180ක් ගොඩනැගෙමින් පවතිනවා.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

 

Related posts

මුහුණු පොතේ ගෙන ගිය මඩ ප්‍රචාරය ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ පවත්වන බව ඇමති ගයන්ත කියයි

Mohamed Dilsad

ජාතිවාදයෙන්, ආගම්වාදයෙන් තොරව ජීවත් වෙන්න සජිත්ට සහය දෙන්න – ඇමති රිෂාඩ්

Mohamed Dilsad

වෛද්‍ය සභාවේ සාමාජිකයෙකුට වරෙන්තු නිකුත් කරයි

Mohamed Dilsad

Leave a Comment