ප්‍රමුඛ පුවත 1

දළ පූට්ටුවාගේ මරණය – දැඩි දඬුවම් හා නීති සංශෝධනය කළ යුතුයි

(UTV|කොළඹ) – ගල්ගමුව දළ පූට්ටුවාගේ ඝාතකයන් අනාවරණය කරගැනීමෙන් අනතුරුව ඔවුන් සඳහා මරණ දණ්ඩනය ක්‍රියාත්මක කළ යුතු බවත් වන අලි ඇතුන්ගේ මෙන් ම සෙසු වනජීවින්ගේ ආරක්ෂාව වෙනුවෙන් වනජීවි ආඥා පනත වහාම සංශෝධනය කළ යුතු යැයි නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පෙන්වා දෙයි.
අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා මේ බව පෙන්වා දුන්නේ අද (06) නිවාස හා ඉදිකිරීම් අමාත්‍යංශයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනි.
එමෙන් ම ශ්‍රී ලංකාවේ වන ඇතුන් ආරක්ෂා කරගැනීම වෙනුවෙන් ක්ෂණිකව ක්‍රියාත්මක වන ඇත් ආරක්ෂණ බලකායක් වාහම ස්ථාපිත කළ යුතු බවත් ගල්ගමුවේ දළ පූට්ටුවා මෙන් ම තවත් ඇතුන් රාශියක් මේ ආකාරයට ඝාතනය කොට ඇතැයි ද ඉදිරියේ දී මෙවැනි තත්ත්වයක් ඇති නොවන ලෙස කටයුතු කිරීම සැමගේ ම වගකීමක් බවත් පැවසීය.
රටේ ඇත් පරපුර ආරක්ෂා කරගැනීම වෙනුවෙන් කඩිනම් වැඩපිළිවෙළක අවශ්‍යතාවයක් ඇතැයි ද කෙන්යාවේ වනෝද්‍යාන තුළ ඇතුන් ආරක්ෂා කරගැනීම වෙනුවෙන් ආරක්ෂක බලකායන් ක්‍රියාත්මක වන බවත් පෙන්වා දෙයි.
වසර දෙකකට වරක් හෝ අලි ඇතුන් පිළිබඳ පිරිසිදු සංඝණනයක් සිදු කළ යුතු යැයි ද වන ඇතුන් යනු රාජ්‍ය දේපළක් එසේත් නැතිනම් පොදු සම්පතක් බව පෙන්වාදෙන අමාත්‍යවරයා පොදු දේපළ විනාශ කරන්නන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කළ යුතු යැයි ද ඇතුන් ඝාතනය කිරීම අවසන් කළ යුතු යැයි ද වැඩිදුරටත් පෙන්වා දෙයි.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

 

Related posts

විල්පත්තුව ගැන ආරක්ෂක අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනය

Mohamed Dilsad

අර්ජුන් ඇලෝසියස් සහ කසුන් පලිසේන අද අධිකරණය හමුවට

Mohamed Dilsad

ජාතික හැඳුනුම්පත් 51 ක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට.

Mohamed Dilsad

Leave a Comment