ප්‍රමුඛ පුවත 1

උප පොලිස් පරීක්ෂකවරුන් 3029කට උසස්වීම්

(UTV|කොළඹ) – පොලිස් සේවයේ විශාල අර්බුදයක් බවට පත්වෙමින් තිබූ උප පොලිස් පරීක්ෂක සේවයේ උසස් වීම් ලබා දීමේ ක්‍රමවේදය විධිමත් හා කඩිනම් කිරීමට අවශ්‍ය පියවර ගැනීමට නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා කටයුතු කර ඇත. ඒ අනුව දැනට උප පොලිස් පරීක්ෂක සේවයේ කටයුතු කරන නිලධාරීන් 3029 දෙනෙකු පොලිස් පරීක්ෂකවරුන් ලෙස උසස්වීම් හිමිවනු ඇත.

ඒ අනුව පොලිස් පරීක්ෂක සේවයේ දැනුට අනුමත නිලධාරී සංඛ්‍යාව වන නිලධාරීන් 2699 ක ප්‍රමාණය සම්පූර්ණ කිරීමය අවශ්‍ය නිලධාරීන් 603 දෙනෙකුගේ පුරප්පාඩු මේ මඟින් සැපිරෙනු ඇත.

එසේම මේ වන විට උප පොලිස් පරීක්ෂක සේවයේ වසර 08 ක සේවය කාලය සම්පූර්ණ කරනු ලැබූ නිලධාරීන් 2426 ප්‍රමාණයක් ද අධි සේවක පදනම මත පොලිස් පරීක්ෂක සේවයට උසස් වීම් ලබා දෙනු ඇත.

එම උප පොලිස් පරීක්ෂකවරුන් සියලු දෙනාට පොලිස් පරීක්ෂකවරුන් ලෙස උසස් වීම් ලබා දෙන්නේ ඔවුන් උප පොලිස් පරීක්ෂක සේවයේ වසර 08 ක සේවය සම්පූර්ණ කළ දින සිට පෙරදාතම කිරීමෙනි. එසේ පෙරදාතම කර ඔවුන් පොලිස් පරීක්ෂක සේවයේ පිහිටවූවද ඔවුන් කොන්දේසි කිහිපයකට යටත් කෙරෙනු ඇත.

මෙම ක්‍රමවේදය අනුගමනය කිරීම තුළින් උපපොලිස් පරීක්ෂකවරුන්ට, පොලිස් පරීක්ෂකධුරය සඳහා උසස් වීම් ලැබීමට මෙතෙක් තිබූ බාධා ඉවත් වේ.

එසේම මේ වන විට අවුරුදු 08 ක කාලයක් කාන්තා උප පොලිස් පරීක්ෂක සේවයේ කටයුතු කළ නිලධාරීනින් 320 දෙනෙකුටද කාන්තා පොලිස් පරීක්ෂකවරියන් ලෙස උසස්වීම් හිමි වෙයි.

නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍යජශයේ දී අමාත්‍ය සාගල රත්නායක මහතා සහ ජ්‍යෙෂඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් සහ පොලීසියේ ඉහළ නිලධාරීන් කිහිප දෙනෙකු සමඟ ඊයේ ( 06) පැවැත්වූ සාකච්ඡාවකදී මේ පිළිබඳ තීරණයට එළැඹි අතර මීට අදාළ යෝජනාව අමාත්‍යවරයා විසින් අද (07) දින ජාතික පොලිස් කොමිසමට ඉදිරිපත් කිරීමට නියමිතයි. මේ සඳහා අවශ්‍ය නම් කැබිනට් අනුමතයක් සඳහා යොමුකිරීමට ද අවශ්‍ය පියවර මේ වන විට සූදානම් කර ඇත.

එසේම දැනට ජ්‍යෙෂ්‍ඨ පොලිස් අධිකාරී, පොලිස් අධිකාරී සහ සහකාර පොලිස් අධිකාරී තනතුරුවල සේවය කළ පවතින පුරප්පාඩු පිරවීමටද අවශ්‍ය පියවර ගනු ඇත.

දැනට පවතින ක්‍රමවේදය අනුව සහකාර පොලිස් අධිකාරීවරයෙකු නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු දක්වා උසස් වීම් ලැබීමට සහකාර පොලිස් අධිකාරී. පොලිස් අධිකාරී සහ ජ්‍යෙෂ්‍ඨ පොලිස් අධිකාරී තනතුරුවල වස 18 ක සේවා කාලයක් සම්පූර්ණ කළ යුතුව තිබුණද එය වසර 17 ක් දක්වා අඩු කිරීම සිදුවනු ඇත.

මෙම ක්‍රමවේදය අනුගමනය කිරීම තුළින් ශ්‍රී ලංකා පොලීසියේ උසස්වීම් ක්‍රියාවලිය විධිමත් හා කඩිනම්වන බව අමාත්‍ය සාගල රත්නායක මහතා පැවසීය.

එමෙන්ම පොලිස් කොස්තාපල්වරයාගේ සිට සෑම මට්ටමකම පොලිස් නිලධාරීන්ගේ උසස් වීම් ක්‍රමවේදය විධිමත් හා කඩිනම්වන බවත් ඒ තුළින් පොලිස් නිලධාරීන් අභිප්‍රේරණයකට ලක්කර ගුණාත්මකභාවයෙන් උසස් මහජන හිතෛෂී වෘත්තීමයභාවයෙන් යුතු පොලිස් සේවයක් බිහිකිරීම තම අරමුණ බව නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා පැවසීය.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

 

Related posts

ජනපති සහ මැලේසියා අගමැති අතර හමුවක්

Mohamed Dilsad

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල මාර්තු අවසානයට පෙර නිකුත් වේ.

Mohamed Dilsad

අද සිට ත්‍රිරෝද රථවලට මීටර් අනිවාර්යයි

Mohamed Dilsad

Leave a Comment