කලා

ෂාරුක්ගේ නවතම චිත්‍රපටයට ඉහළ ප්‍රතිචාරයක්

(උදයම්,ඉන්දියාව) –  ෂාරුක් ඛාන් සිය රංගනයෙන් දායක වන ‘රයීස්’ චිත්‍රපටය හෙට තිරගත වීමට නියමිතය.

එහි පූර්ව ප්‍රචාරක පටය අන්තර්ජාලයේ youtube හරහා මේ වන විට නැරඹුම් මිලියන 41 ඉක්මවා ගොස් ඇති බව වර්තාවේ.

පූර්ව ප්‍රචාරක දැන්වීම් පටය අන්තර්ජාලයට නිකුත් කර පැය 20ක් යන්නට මත්තෙන් මිලියන 10කට අධික පිරිසක් එය නරඹා තිබේ.

ඉතා කෙටි කාලයකින් අන්තර්ජාලය හරහා වැඩිම පිරිසක් නැරඹු පූර්ව ප්‍රචාරක ඉන්දියානු චිත්‍රපටය ලෙස සිනමා විචාරකයන් මෙය හඳුන්වනු ලබයි.

මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට ෂාරුක් ඛාන් ප්‍රමුඛ මහිරා ඛාන්, නවාසුදීන් සිදීකී සහ සනී ලියෝන් රඟපානු ලබයි. රාහුල් දොලාකීයා අධ්‍යක්ෂණයෙන් ද රිතෙෂ් සිද්දවානි, ගෞරි ඛාන් සහ ෆරහන් අක්තාර් නිෂ්පාදන දායකත්වය මෙම චිත්‍රපටයට ලබා දී ඇත.

 

Related posts

‘මැණිකේ මගේ හිතේ’ ගීතයේ හින්දි පිටපතක් Thank God චිත්‍රපටයකට

Mohamed Dilsad

කට කතා ප්‍රතික්ෂේප කරන එමා වොට්සන්

Mohamed Dilsad

මනිරත්නම්ගේ ‘පොන්නියින් සෙල්වන්’ ලංකාවේ රූගතකිරීම් නතර කළේ නිෂ්පාදකයින්ගේ තීරණයකින්

Mohamed Dilsad

Leave a Comment