ප්‍රමුඛ පුවත 1

බස්නාහිර තොරතුරු නිලධාරීන්ගේ අත්දැකීම් හුවමාරු වැඩසටහක්

(UTV|කොළඹ) – බස්නාහිර පළාතේ සියලුම තොරතුරු නිලධාරීන්ගේ අත්දැකීම් හුවමාරු වැඩසටහන ලබන 11 වන දා පෙරවරු  9 සිට පස්වරු 4 දක්වා අරලියගහ මන්දිරයේ ප්‍රධාන ශාලාවේදී පැවැත්වේ.

මෙය මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් මුදක් හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා සහ එම අමාත්‍යංශ ලේකම් අචාර්ය ආර්.එච්.එස්.සමරතුංග මහතාගේ සහභාගීත්වයෙන් පැවැත්වේ.

පාර්ලිමේන්තුවෙන් සම්මත කරනු ලැබූ 2016 අගෝස්තු මස 04 වන දින සිට  බලාත්මක වූ තොරතුරු දැනගැනීමේ අයිතිය පිලිබඳපනතෙහි  3 වන වගන්ති ප්‍රකාරව සෑම පොදු අධිකාරියක් විසින්ම තොරතුරු නිලධාරීන් පත්කළ යුතුය.

ඒ අනුව මේ වන විට දිවයින පුරා පොදු අධිකාරීන් විසින් 3000 කට අසන්න තොරතුරු නිලධාරීන් සංඛ්‍යාවක් පත්කොට ඇත.

එසේම මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සහ තොරතුරු දැනගැනීමේ කොමිෂන් සභාව එක්ව තොරතුරු නිලධාරීන් සඳහා මුලික දැනුවත් කිරීම් සිද්ය් කර ඇති අතර පුහුණුකරුවන් වශයෙන් ජේෂ්ඨ රාජ්‍ය නිලධාරීන් 150කට ආසන්න ප්‍රමානයක් පුහුණු කර ඇත.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඇමති රිෂාඩ් ගෝලීය සාම සංසදයේ සභාපති හමුවෙයි

Mohamed Dilsad

මහවැලිය – සංහිඳියාවේ ගංගාව” සහ “95න් පසු මහවැලි” ජනගත කිරීම අද ජනපති ප්‍රධානත්වයෙන්

Mohamed Dilsad

KDU නව උපකුලපති ධූරයට සාගර කොටකදෙණිය මහතා පත්කරය.

Mohamed Dilsad

Leave a Comment