ප්‍රමුඛ පුවත 1

සාමාන්‍ය පෙළ විභාගය නිසා නීතිය තදින් ක්‍රියාත්මක කරන්නැයි පොලිසියට උපදෙස්

(UTV|කොළඹ) –  අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන බැවින්  නාමයෝජනා භාරදීමේ කාලය තුළ නීතිය තදින්ම ක්‍රියාත්මක කරන ලෙස මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පොලිසියට වෙත දැනුම් දී ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
විවිධ පුද්ගලයන් විසින් නීතිය කඩකිරීම් සිදු කිරීමේදී නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීමට හැකියාවක් නොමැති බවත් නීතිරීති උල්ලංගණය කිරීම් පොලිසිය හෝ මැතිවරණ කොමිෂන් සභාව විසින් මර්දනය කිරීම නොව ස්වේච්ඡාවෙන් ම එවැනි කටයුතු සිදු නොකර සිටීම සිදු කළ යුතු යැයි ද සභාපතිවරයා පෙන්වා දෙයි.
ඡන්ද විමසීමේ නාමයෝජනා භාරගැනීම ආරම්භ වන දිනයේ සිට ඡන්ද විමසීම පැවැත්වෙන දින දක්වා කිසිඳු ප්‍රචාරක පෙළ පාළියක් පැවැත්විය නොහැකි බවත් දේශපාලනඥයන්ගේ ඡායාරූප ප්‍රදර්ශනය කරමින් පක්ෂ අපේක්ෂක ප්‍රවර්ධන කටයුතු සිදුකරමින් සිදුකරන සියලු ප්‍රචාරන පුවරු ඉවත්කිරීමට කටයුතු කරන ලෙස පළාත් පාලන ආයතන වෙත හා මහාමාර්ග අධිකාරිය වෙත දැනුම්දීමට කටයුතු කරන බවත් පෙන්වාදෙන සභාපතිවරයා දෙවන නාමයෝජනා පියවර අවසන් වන විට එම සියලු ඡායාරූප ඉවත්කිරීමට හැකිවෙතැයි අපේක්ෂා කරන බවත් කීය.
එමෙන් ම එවැනි ඡායාරූප හා පෝස්ටර් ඉවත් කිරීමට කටයුතු කරන ලෙසට පොලිසියට මේ වන විටත් දැනුම් දී ඇති අතර එම කාර්යයන් හි නියැලෙන්නන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන ලෙස ද පොලිසියට උපදෙස් ලබා දී ඇතැයි ද සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

 

Related posts

කාන්තා සනීපාරක්ෂක තුවා සඳහා පැනවූ බද්ද ඉවතට

Mohamed Dilsad

පැහැරගත් නැව මුදාගැනීමට කප්පම් මුදල් දීමටත් සුදානම්

Mohamed Dilsad

අපේක්ෂකයින් 33 දෙනෙකුගේ ඇප මුදල් රාජසන්තකයි [VIDEO]

Mohamed Dilsad

Leave a Comment