ප්‍රමුඛ පුවත 1

විද්‍යාපීඨවල විෂයමාලා නවීකරණය කිරීමට අවධානය

(UTV|කොළඹ) – ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවල විෂයමාලා නවීකරණය කිරීම පිළිබඳව අධ්‍යාපන අමාත්‍යාංශයේ අවධානය යොමුව ඇති බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.

අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රයේ පැවති ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ 20 ක් සඳහා කැබ් රථ ප්‍රදානය කිරීම වෙනුවෙන් පැවති උත්සව අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා ඊයේ (13) මේ බව සඳහන් කළේය.

අමාත්‍යවරයා මෙහි දී පෙන්වා දුන්නේ, විද්‍යාපීඨවල යල්පැනගිය විෂයමාලා නවීකරණය කරමින් නවීන ලෝකයට ගැළපෙන පරිදි එම අධ්‍යයන ක්‍රමවේදයන් සැකසිය යුතු බවයි.

විද්‍යාපීඨවල පරිපාලන කටයුතු සඳහා ප්‍රවාහන පහසුකම්වල දැඩි අවශ්‍යතාවක් මතු ව තිබූ බවත් විද්‍යාපීඨවල පහසුකම් සංවර්ධනය කිරීම රජයේ වගකීමක් වන අතර එම වගකීම පිළිබඳව රජය දැඩි අවධානයෙන් පසුවන බවත් අමාත්‍යරවයා පෙන්වා දුන්නේය.

මෙම පහසුකම් සංවර්ධනය කිරීමේ වැඩපිළිවෙළ තුළින් අනාගතයේ දී, අධ්‍යාපනයේ ඉහළ ප්‍රමිතියක් මෙන්ම ඉහළ ගුණාත්මක ප්‍රතිඵල ද රජය අපේක්ෂා කරන බව අමාත්‍යවරයා මෙහි දී විශේෂයෙන් අවධාරණය කර සිටියා. එමෙන්ම විද්‍යාපීඨ ශීක්ෂණලාභීන්ගේ මාසික දීමනාව රුපියල් 2500 සිට රුපියල් 5000 දක්වා ඉහළ දැමීමට තමා කටයුතු කළ බව ද අමාත්‍යවරයා මෙහි දී පෙන්වා දුන්නා.

අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ විශේෂ උපදෙස් මත ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවල පරිපාලන කටයුතු වඩාත් කාර්යක්ෂම කිරීම අරමුණු කරගනිමින් මෙම කැබ්රථ ලබාදීමට පියවර ගෙන තිබේ.

අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය වී. රාධක්‍රිෂ්ණන්, අධ්‍යාපන ලේකම් සුනිල් හෙට්ටිආරච්චි, අධ්‍යාපන රාජ්‍ය ලේකම් තිස්ස හේවාවිතාන යන මහත්වරුන් ඇතුළු අමාත්‍යාංශ නිලධාරීන් රැසක් මේ අවස්ථාවට එක් ව සිටියහ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

හිටපු ජනපති ඉන්දියාවට

Mohamed Dilsad

මෙරට වීසා නොමැතිව රැඳීසිටි විදේශිකයන් 13 ක් අත්අඩංගුවට

Mohamed Dilsad

දෝහා කටාර් දක්වා ගුවන් ගමන් සාමාන්‍ය පරිදි

Mohamed Dilsad

Leave a Comment