(UTV|කොළඹ) – උතුරු පළාත් සභාවේ 2018 වර්ෂය සඳහා වන අයවැය ඒකමතිකව සම්මත වෙයි.
ඊයේ (14) පස්වරුවේ උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය, පළාත් මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍ය සි.වි.විග්නේශ්වරන් මහතා විසින් අයවැය පළාත් සභාවට ඉදිරිපත් කිරීම ආරම්භ කරනු ලැබීය.
යාපනය කයිතඩි පළාත් සභා සංකීර්ණයේදී පළාත් සභා අයවැය විවාදය 12 වැනිදා ආරම්භ කල අතර එම විවාදය දින තුනක කාලයක් පැවැත්වුණි.
උතුරු පළාත් සභාවේ 05 වන පළාත් සභා අයවැය පළාත් සභාව වෙත ඉදිරිපත් කරමින් විග්නේශ්වරන් මහතා පැවසූවේ එළඹෙන වර්ෂය වෙනුවෙන් රුපියල් මිලියන 26,754 ක මුදලක් පළාත් සභා සංවර්ධන කටයුතු වෙනුවෙන් වෙන්කොට පවතින බවයි.
පළාත් සභා පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් සියලු දෙනා අයවැය වෙනුවෙන් සහයෝගය පළ කරනු ලැබීය.
අයවැය ඉදිරිපත් කිරීමෙන් අනතුරුව විග්නේශ්වරන් මහතා පැවසූවේ පළාත් සභා ධූර කාල සීමාවේ අවසන් වර්ෂය වන 2018 වසරේ උතුරු පළාතේ සංවර්ධනය වෙනුවෙන් පළාත් සභා නියෝජිතයින් සියලු දෙනා කැපවීමෙන් කටයුතු කළ යුතු බවයි.
[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]