ව්‍යාපාරික

රන්මිණිතැන්න විකිණීමේ කිසිදු තීරණයක් ගෙන නෑ ජනමාධ්‍ය ඇමති කියයි

(උදයම්, කොළඹ )-

රන්මිණිතැන්න විකිණීමේ කිසිදු තීරණයක් ගෙන නැති බව ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පවසයි.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ දේශපාලන වශයෙන් බංකොළොත් පිරිස් වැරදි ප්‍රචාරයන් ගෙන යන බවයි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (04) පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

කොළඹ සිට රන්මිණිතැන්නට ඇති දුර ප්‍රමාණය වැඩි වීම හේතුවෙන් එම ස්ථානය කලා කටයුතු සඳහා යොදා ගැනීමේ අඩු ප්‍රවණතාවක් දක්නට ලැබේ.

කෙසේ වුවත් එම ස්ථානය කලාකරුවන්ට වඩාත් ප්‍රයෝජනවත් ලෙස සකස් කිරීමට කටයුතු කරන බව අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

Related posts

මසකට රු. ලක්ෂයකට වැඩි ආදායමක් ලබන අයට විශේෂ දැනුම් දීමක්

Editor O

තේ දළු මිල පහත වැටෙයි

Mohamed Dilsad

වසර 2025 වනවිට සෘජු විදේස් ආයෝජන ඉහළ නැංවීමට පියවර

Mohamed Dilsad

Leave a Comment