ප්‍රමුඛ පුවත 1

දියතලාව ශ්‍රී ලංකා යුද හමුදා විද්‍යාපීඨයේ 92 වන විසිර යාමේ පෙළපාලිය ජනපති ප්‍රධානත්වයෙන්(ඡායාරූප)

(UTV|කොළඹ)  – දියතලාව ශ්‍රී  ලංකා යුද හමුදා විද්‍යාපීඨයේ 92 වන විසිර යාමේ පෙළපාලිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ඊයේ (17) ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

දියතලාව යුද හමුදා විද්‍යාපිඨය වෙත ගිය ජනාධිපතිවරයා එහි සේනාවිධායක බ්‍රිගේඩියර් ප්‍රීයන්ත සේනාරත්න මහතා විසින් මහත් ගෞරවයෙන් යුතුව පිළිගැනීමෙන් අනතුරුව ජනාධිපතිවරයා විසින් රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝපහාර දැක්වීය.

මෙහිදී කෙඩෙට් නිලධාරීන් සහ නිලධාරිනියන් 191 දෙනෙකු සාර්ථක යුද හමුදා පුහුණුවකින් පසු අධිකාරි නිල ලබා යුද හමුදා සේවයට එක්වනු ඇත.

පුහුණු කාලය තුළ විශිෂ්ඨ දක්ෂතා පෙන්වූ නිලධාරීන් සිව් දෙනෙකු වෙත සංකේතාත්මකව අසිපත් ප්‍රදානය කළ ජනාධිපතිවරයා,  ඔවුන් දෙවන ලුතිනන් නිලයේ පිහිටුවමින් උරහිස් ලාංඡන පැළැදවීම ද සිදුකළේය.

මෙම අවස්ථාවට ආරක්ෂක ලේකම් කපිල වෛද්‍යරත්න, යුද හමුදාපති මහේෂ් සේනානායක, දියතලාව යුද හමුදා විද්‍යාපීඨයේ සේනාවිධායක බ්‍රිගේඩියර් ප්‍රියන්ත සේනාරත්න මහත්වරුන් ඇතුළු යුද හමුදා නිලධාරීන් රැසක් එක්වූහ.

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2017/12/01-2.jpg”]

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2017/12/02-3.jpg”]

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2017/12/03-3.jpg”]

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2017/12/04-1.jpg”]

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2017/12/05.jpg”]

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2017/12/06.jpg”]

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2017/12/07-2.jpg”]

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

 

Related posts

සජිත් සහ රනිල් අතර විශේෂ හමුවක්

Mohamed Dilsad

සජිත් ප්‍රේමදාස මහතාගෙන් විශේෂ ප්‍රකාශයක් [VIDEO]

Mohamed Dilsad

පරිභෝජනයට නුසුදුසු කසළ තේ කිලෝ 2340 ක් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment