ප්‍රමුඛ පුවත 1

ලංකා කම්කරු කොංග‍්‍රසය එක්සත් ජනතා නිදහස් සන්ධානය සමග කුකුළා සලකුණින්

(UTV|කොළඹ) – ලංකා කම්කරු කොංග‍්‍රසය පළාත් පාලන ආයතන කිහිපයක් සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධානය සමඟ එක්ව කුකුළා සලකුණින් තරඟ කිරිමට නාම යෝජනා අත්සන් කර තිබේ.
ලංකා කම්කරු කොංග‍්‍රසය එකසත් ජනතා නිදහස් සන්ධානය සමඟ කුකුළා සලකුණින් පළාත් පාලන ආයතන කිහිපයක් සදහා තරඟ වැදිම සඳහා නාම යෝජනා අත්සන් කිරිම ලංකා කම්කරු කොංග‍්‍රසයේ මහා ලේකම් නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අරුමුගම් තොන්ඩමන් මහතා විසින් ඊයේ (17)  කොටගල ලංකා කම්කරු කොංග‍්‍රස් මුලස්ථානයේදි සිදු කළේය.
මේ අනුව හැටන් දික්ඔය නගර සභාව, මස්කෙළිය ප‍්‍රාදේශීය සභාව, නොර්වුඩ් ප‍්‍රාදේශිය සභාව, කොටගල, ආගරපතන සහ නුවරඑළිය ප‍්‍රාදේශිය සභා වලට එක්සත් ජනතා නිදහස් සන්ධානය සමඟ එක්වි කුකුලා සලකුණීන් තරඟ කරන අතර අඹගමුව ප‍්‍රාදේශිය සභාවට කුකුළා සලකුණීන් තනිව තරග කිරිමටත් කොත්මලේ හගුරන්කෙත සහ වලපනේ යන ප‍්‍රාදේශීය සභා සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධානය සමඟ බුලත් කොළය සලකුණීන් තරග කිරිමට එම පක්ෂයේ මහා ලේකම්වරයා නාම යෝජනා අත්සන් කරනු ලැබීය.
මේ වන විට තලවාකැලේ ලිදුල නගර සභාව වෙනුවෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානය සමඟ කුකුළා ලකුණින් තරඟ කිරිමටත් නුවරඑළිය මහා නගර සභාව සදහා කුකුළා සලකුණීන් තනිවම තරඟ කිරිම සදහා මේ වන විට නාම යෝජනා නුවරඑළිය මැතිවරණ කාර්යාලය වෙත ලංකා කම්කරු කොංග‍්‍රසය විසින් භාරදි ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ලොව පුරා සමාජ මාධ්‍ය බිඳ වැටීම යලි යථා තත්වයට.

Mohamed Dilsad

වන අලි පහරදීමකින් දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ කැපකරුවෙකු මරුට

Mohamed Dilsad

අගුණකොළපැලැස්ස බන්ධනාගාර සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ කණ්ඩායමක් පරීක්‍ෂණ අරඹයි

Mohamed Dilsad

Leave a Comment