ක්‍රීඩා

ආණමඩුවට කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් 1000 ක කි‍්‍රකට් සංචිතයක්

(UTV|කොළඹ) – ආණමඩුව මැතිවරණ කොට්ඨාශය තුළ කි‍්‍රකට් ඇකඩමියක් ආරම්භ කර ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අදාල වන පරිදි ක්‍රිකට් සංචිතය පිහිටුවීමට නියමිත බව රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා පැවසීය.

මූලික අදියරේදී පිහිටුවන කි‍්‍රකට් සංචිතය සඳහා කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් 1000 ක් තෝරා ගැනීමට අපේක්‍ෂිත බවත්  ඊට කී‍්‍රඩිකාවන් 300 ක් ඇතුලත් වන බවද අමාත්‍යවරයා පැවසීය. මේ වන විට එම සංචිත සඳහා තෝරා ගැනීම් සිදු කිරීමද ආරම්භ කර තිබේ.

පළමු අදියර යටතේ ආණමඩුව මැතිවරණ කොට්ඨාශය තුළ වැඩපිළිවෙල කි‍්‍රයාත්මක කිරීමෙන් අනතුරුව පුත්තලම දිස්ති‍්‍රක්කයම ආවරණ වන පරිදි කි‍්‍රකට් සංචිතය පුළුල් කිරීමට පියවර ගන්නා බව ද ඒ මහතා සඳහන් කළේය.

මීට අමතරව මෙම ව්‍යාපෘතිය යටතේ කී‍්‍රඩා පිටි 08 ක් සංවර්ධනය කිරීමටද පියවර ගෙන තිබේ. ආණමඩුව මධ්‍ය මහා විද්‍යාලය, නවගත්තේගම මධ්‍ය විද්‍යාලය, කරුවලගස්වැව විද්‍යාලය, යන පාසල් කි‍්‍රඩාංගන සහ පල්ලම, වනාතවිල්ලූව, මුන්දලම, පුත්තලම හා මහකුඹක්කඩවල යන මහජන කි‍්‍රඩාංගන  මෙම වැඩපිළිවෙල යටතේ සංවර්ධනය කෙරේ. ඒ සඳහා වන සමස්ථ ඇස්තමේන්තුව රුපියල් ලක්‍ෂ 40 කි. කි‍්‍රඩාපිටි සියල්ල සංවර්ධනය කිරීමේ කටයුතු මේ වන විට අවසන් අදියරේ පවතී.

ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ සහයෝගයද ලබා ගනිමින් මෙම කි‍්‍රකට් සංචිතය පිහිටුවන බවත්  කී‍්‍රඩක කී‍්‍රඩිකාවන්ගේ ඉදිරි කටයුතු සඳහා පොදු අරමුදලක් පිහිටුවීමටද පියරව ගන්නා බවත් ඒ පිළිබඳ අනුග‍්‍රහය ලබා ගැනීමට රජය හා වෙනත් ආයතන සමග සාකච්ඡා සිදු කර ඇති බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

අකිල ධනංජයට තිබු ජාත්‍යන්තර තරඟ තහනම ඉවතට

Mohamed Dilsad

ශ්‍රී ලංකා පිලේ ඕස්ට්‍රේලියානු සංචාරය

Mohamed Dilsad

ගෙවී ගිය වසර 7 ක අඳුරු මතකයන් මකා දාන්න ශ්‍රී ලංකා කණ්ඩායම ගාල්ලට

Mohamed Dilsad

Leave a Comment