ප්‍රමුඛ පුවත 1

විභාග වංචා සිද්ධි ගැන CID යෙන් පරීක්ෂණ

(UTV|කොළඹ) – මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගයේ දී ගණිතය ප්‍රශ්න පත්‍රයට දුරකථන භාවිතා කරමින් පිළිතුරු සැපයූ අපේක්ෂකයින් දෙදෙනා සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දී ඇති බව පොලිසිය පවසයි.

මේ සම්බන්ධයෙන් අප කල විමසීමකදී  පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ පොලිස්පතිවරයාගේ උපදෙස් මෙම පියවර ගත් බවය.

කොළඹ ප්‍රදේශයේ විභාග මධ්‍යස්ථානයකදී ඊයේ පැවැති ගණිත ප්‍රශ්න පත්‍රයට පිළිතුරු සැපයීම සඳහා ජංගම දුරකථනය යොදා ගත් පෞද්ගලික විභාග අපේක්ෂකයෙකු සම්බන්ධයෙන් විභාග දෙපාර්තමේන්තුව ද පරීක්ෂණයක් ආරම්භ කළේය.

මේ අතර, ජංගම දුරකථනය භාවිත කරමින් වයිබර් තාක්ෂණය ඔස්සේ ගණිතය ප්‍රශ්න පත්‍රයට පිළිතුරු සැපයූ පාසල් සිසුවාට අද සිට විභාගයට පෙනී සිටීම තහනම් කර තිබේ.

අනුරාධපුර, වලිසිංහ හරිස්චන්ද්‍ර විභාග මධ්‍යස්ථානයේ පෙනී සිටි මෙම පාසල් සිසුවාගේ ජංගම දුරකථනය සහ උත්තර පත්‍රය ද පොලිස් භාරයට ගෙන ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ගංවතුරින් ආපදාවට ලක්වූ පිටබැද්දර ජනතාවට කෝටි 17 ට අධික වන්දි මුදල්

Mohamed Dilsad

මීතොටමුල්ලේ විපතට පත්වුවන් වෙනුවෙන් තොරතුරු මධ්‍යස්ථානයක්

Mohamed Dilsad

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය අද රැස්වේ

Mohamed Dilsad

Leave a Comment