ප්‍රමුඛ පුවත 1

ශ්‍රී ලංකා ප්‍රජා වන කළමනාකරණ වැඩසටහන ක්‍රියාවට

(UTV|කොළඹ) – වනාන්තර වලට යාබදව ජීවත්වන ප්‍රජාවගේ ආර්ථික තත්ත්වය නංවාලමින් වනාන්තර රැකගැනීම සඳහා ‘ශ්‍රී ලංකා ප්‍රජා වන කළමනාකරණ වැඩසටහන’ ක්‍රියාවට නැංවීමට රජය තීරණය කරයි.
මේ යටතේ, ශ්‍රී ලංකාවේ වියළි හා අතරමැදි කලාපයන්ට අයත් දිස්ත්‍රික්ක 17ක, වනාන්තර ආශ්‍රිතව ජීවත්වන ග්‍රාමීය ජනතාවගේ ආර්ථික තත්ත්වය නංවාලීම සඳහා විවිධ ජීවනෝපායන් හඳුන්වා දීම, ඒ සඳහා අවශ්‍ය පුහුණු උපකරණ ලබා දීම, ගෙවතු වගා වැඩසටහන් ක්‍රියාවට නැංවීම, වනාන්තර සංරක්ෂණය සඳහා පාසල් සිසුන් පෙලඹවීම ආදී ක්‍රියාමාර්ග ගැනීමට නියමිතය.
මෙමඟින් 20,000කට වැඩි පිරිසකට ඍජු ආර්ථික ප්‍රතිලාභ අත් කර දීමට හැකිවනු ඇති අතර, හෙක්ටයාර 30,000ක පමණ වනාන්තර ප්‍රදේශයක් සංරක්ෂණය කෙරෙනු ඇත.
එමෙන් ම මෙම ව්‍යාපෘතිය 2018-2020 කාල පරිච්ඡේදය තුළ කරන අතර ඒ සඳහා රුපියල් මිලියන 261.06ක වැය කිරීමට ද අපේක්ෂිතය.
2010 වර්ෂයේ සංගණන දත්තයන්ට අනුව ශ්‍රී ලංකාවේ වනාන්තර ප්‍රමාණය දිවයිනේ මුළු භූමි ප්‍රමාණයෙන් 29.7%ක් වේ. වනාන්තර කළමනාකරණය සඳහා ජනතා සහභාගිත්වය ලබාගැනීමේ අවශ්‍යතාව ජාතික වන ප්‍රතිපත්තිය මඟින් ද හඳුනාගනු ලැබ ඇති අතර, ඒ සඳහා විවිධ උපාය මාර්ග, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් හඳුන්වා දෙනු ලැබ තිබේ. මෙරට වන ආවරණය ඉහළ නැංවීම සහ එහි තිරසරභාවය ඇති කිරීම අරමුණු කරගනිමින් මෙවැනි වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

අපේක්ෂක සජිත්ගේ ආරාධනයට තිස්සගෙන් යහපත් ප්‍රතිචාරය[VIDEO]

Mohamed Dilsad

මෙරට සමස්ත ආසාදිතයන් 1500 ඉක්මවයි [UPDATE]

Mohamed Dilsad

කේරළ ගංජා තොගයක් නාවික හමුදා භාරයට

Mohamed Dilsad

Leave a Comment