ප්‍රමුඛ පුවත 1

හෙද පීඨය සදහා මුල්ගල් තැබීම ජනපති අතින්

(UTV|කොළඹ) – දැනුම, ආකල්ප, කුසලතා සපිරි උපාධිධාරි හෙද නිලධාරින් බිහිකිරීම උදෙසා ශී‍්‍ර ජයවර්ධනපුර හෙද විදුහල් පරිශ‍්‍රයේ ඉදිකෙරෙන කොළඹ විශ්වවිද්‍යාලයට අනුබද්ධ හෙද පීඨය සදහා මුල් ගල් තැබීම ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (20) පස්වරුවේ සිදු විය.

ශී‍්‍ර ලංකා රජයේ ප‍්‍රතිපාදන මත ඉදිකෙරෙන මෙම හෙද පීඨය සදහා වැය කෙරෙන මුළු මුදල රුපියල් බිලියන 14.5 කි. මහල් 17 කින් සමන්විත හෙද පීඨය තුළ එකවර හෙද හෙදියන් 2000 ක් පමණ පුහුණු කිරීමට හැකියාව පවතී.

එම හෙද හෙදියන් සදහා නේවාසිකාගර ඉදිකරනු ලබන්නේ නැගෙනහිර කොළඹ මූලික රෝහල් භූමියේ වන අතර එය කී‍්‍රඩා පහසුකම්, පිහිණුම් තටාක, කායවර්ධන මධ්‍යස්ථාන ඇතුළු සියලූ පහසුකම්වලින් සමන්විතය.

දීර්ඝකාලීන ඉල්ලීමක් බවට පත්ව තිබූ හෙද පීඨය ආරම්භ කිරීම මෙතෙක් කි‍්‍රයාවට නැංවීමට නොහැකිව තිබූ අතර ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ මගපෙන්වීම යටතේ 2016 අය වැය තුළින් ඒ සදහා ප‍්‍රතිපාදන වෙන් කෙරිණි.

දේශීය වශයෙන් හෙදකම පිළිබදව පිළිගත් උපාධිධාරින් බදවා ගැනීම, හෙද සේවාවේ විදේශ රැකියා සදහා පුහුණුව හා දැනුම ලබාදීම, හෙද සේවා විශේෂඥතා දැනුම වර්ධනය කිරීම මෙහි අරමුණු වේ.

නව හෙද පීඨයේ ඉදිකිරීම් ආරම්භ කිරීමට අදාළ සමරු ඵලකය නිරාවරණය කිරීම ජනාධිපතිතුමා අතින් සිදු විය.

හෙද සේවාවේ උන්නතිය වෙනුවෙන් ජනාධිපතිතුමා සිදුකරනු ලබන මැදිහත්වීම උදෙසා උපහාර තිළිණයක් පිළිගැන්වීම ද සිදු කෙරිණි.

අමාත්‍යවරුන් වන රාජිත සේනාරත්න, ලක්ෂ්මන් කිරිඇල්ල, නියෝජ්‍ය අමාත්‍ය ෆයිසාල් කාසීම්, පාර්ලිමේන්තු මන්තී‍්‍ර ආශු මාරසිංහ, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජනක සුගතදාස, කොළඹ විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ලක්ෂ්මන් දිසානායක, රජයේ හෙද නිලධාරින්ගේ සංගමයේ සභාපති සමන් රත්නපි‍්‍රය යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

පාර්ලිමේන්තුව යළි කැඳවීම නව ගැසට් පත්‍රයක්

Mohamed Dilsad

දෙවියන්වහන්සේගේ ආදරය කෙරෙහි අප බැඳිය යුතුයි – අගරඳගුරු

Mohamed Dilsad

ගීතාට දුන් තීන්දුවෙන් මන්ත්‍රී ධුර 11 කට අවධානමක්

Mohamed Dilsad

Leave a Comment