ප්‍රමුඛ පුවත 1

අනුරාධපුරය තුළ අලි 65 දෙනෙකු මියගොස්

පසුගිය වසර තුළ පමණක් අනුරාධපුර වනජීවී කලාපය තුළ අලි 65 දෙනෙකු මියගොස් ඇතිබවට වාර්තා වේ.

ඒ අනුව අනුරාධපුර වනජීවී කලාපයට අයත්වන අනුරාධපුර අලි 43ක්  පුත්තලම අලි 12ක් කුරුණෑගල අලි 10ක් මෙලෙස මියගොස් ඇත.

මේ සම්බන්ධයෙන් අදහස් පලකරමින් අනුරාධපුර වනජීවී නිලධාරීන් පවසන්නේ අලින්ගෙන් බොහෝ ප්‍රමාණයක් මියගොස් ඇත්තේ වෙඩි වැදීමෙන් බවයි.

ඒ අනුව එම අලි මරණයන්ට බඳින තුවක්කු මෙන්ම වෙඩික්කරුවන්ට ගොදුරුවීමෙන්ද මෙලෙස අලින් මියගොස් තිබේ.

මේ අතර අලින් සඳහා යොදන හක්ක පටස් සහ වස ආහාරයට ගැනීමෙන්ද එම කලාපය තුළ අලින් බොහෝ ප්‍රමාණයක් මියගොස් ඇත.

දුම්රියේ ගැටීමෙන්ද අලින් කිහිප දෙනෙක් පසුගිය වසර තුල මියගියහ.

මෙලෙස මියගොස් ඇති අලි 65දෙනා අතර ඇතුන් 6දෙනෙකුද සිට ඇති බව වනජීවී නිලධාරීහු පවසති.

Related posts

ශ්‍රීලනිප නව සංවිධායකවරුන්ට පත්වීම්

Mohamed Dilsad

ඔස්ට්‍රේලියාවේ අනවසරයෙන් රැදීසිටි ලාංකිකයන් 25 දෙනෙකු හරවා එවයි

Mohamed Dilsad

උපරිමාධිකරණ විනිසුරුවරුන් සිව් දෙනෙකුට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අනුමැතිය

Mohamed Dilsad

Leave a Comment