ප්‍රමුඛ පුවත 1

ලබන වසරේ සිට වාහන අංක තහඩුවට වෙනසක්

(UTV|කොළඹ)  – මේ වන විට වාහන සඳහා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් ලබාදෙන අංක තහඩුව වෙනස් කරමින් ලබන වසරේ සිට ඒ සඳහා නව පහසුකමක් එක්කිරීමට එම දෙපාර්තමේන්තුව අපේක්ෂා කරන බව එහි කොමසාරිස් ජනරාල් ජගත් චන්ද්‍රසිරි මහතා රජයේ නිල පුවත් වෙබ් අඩිවියට පැවසීය.

මේ වන විට අංක තහඩු මුද්‍රණය සඳහා අනුමැති දී ඇති ආයතනයේ ටෙන්ඩර් කාලසීමාව ලබන වසරෙන් අවසන්වීමට නියමිතව ඇති අතර ඒ අනුව ලබන වසරේ දී අලුතින් ආයතනවලින් ටෙන්ඩර් කැඳවීමේ දී මෙම පහසුකම සහිතව අංක තහඩු මුද්‍රණය කිරීමට ටෙන්ඩර් ලබාදෙන බවත් කොමසාරිස්වරයා කීය.
ඒ අනුව එළැඹෙන වසරේ සිට වාහන අංක තහඩු සඳහා (RFID – Radio Frequency Identification)පහසුකම එක්කරනු ලබන අතර මෙම ක්‍රමවේදය මේ වන විට කොළඹ – කටුනායක අධිවේගී මාර්ගයේ ක්‍රියාත්මක කරන බවත් ඒ මහතා පැවසීය.
මෙම ක්‍රමවේදය හරහා යම් පුද්ගලයෙකුගේ පෞද්ගලිකත්වයට හානියක් සිදුනොවන බවත් ඒ සඳහා අවශ්‍ය වන තොරතුරු මේ වන විට එක්රැස්කරමින් පවතින බවත් කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් පැවසීය.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

චීන තානාපති නව ජනපති හමුවෙයි [VIDEO]

Mohamed Dilsad

සිංහල හා හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් ජනාධිපතිගෙන් සුභපැතුම්…

Mohamed Dilsad

උඩවලව ජාතික වනෝද්‍යානයට යන්න නව ප්‍රවේශ මාර්ගයක්

Mohamed Dilsad

Leave a Comment