Trending News

අත්‍යාවශ්‍ය ආහාර 7 ක් සඳහා පාලන මිලක්

(UTV|කොළඹ)  – මෙම උත්සව සමයේදී අත්‍යාවශ්‍ය ආහාර 7 ක් සඳහා පාලන මිලක් දැමීමට ජීවන වියදම් කමිටුව තීරණය කර තිබේ.

කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය පැවසුවේ සියළු සුපිරි වෙළෙඳසල්වලද මෙම මිල පාලනය ක්‍රියාත්මක වන බවයි.

ඒ අනුව සහල්, ලොකු ළූණු, සීනි, අර්තාපල්, ටින් මාළු, පරිප්පු හා ඉස්සන් මත මෙම නව පාලන මිල ක්‍රියාත්මක වේ.

මෙම මිල ගණන් 2018 වසර වන තෙක් ක්‍රියාත්මක විය යුතු බව ජීවන වියදම් කමිටුව විසින් සතොස අලෙවිහල් සහ සුපිරි වෙළඳසැල් වෙත දැනුම් දී ඇත.

මීට අමතරව පාලන මිලට වඩා ඉහළ මිලක් යටතේ අලෙවි කරන සියලුම වෙළඳුන්ට එරෙහිව නඩු පැවරීමට කටයුතු කරන ලෙස පාරිභෝගික අධිකාරිය වෙත උපදෙස් ලබා දී ඇති අතර එම වෙළඳුන්ට එරෙහිව ජනතාවට පැමිණිලි ඉදිරිපත් කළ හැක.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

இலங்கையில் பேஸ்புக் பயன்படுத்துபவர்களுக்கு மிக முக்கிய அறிவித்தல்

Mohamed Dilsad

பேருந்துகளில் அதிக கட்டணங்கள் அறவிடப்படுவதை அறிவிக்க தொலைபேசி இலக்கம்…

Mohamed Dilsad

சோதனையிடுவதற்கு விமானப்படை மற்றும் STFஇன் ஒத்துழைப்பை கோரும் ரயில்வே பொது முகாமையாளர்

Mohamed Dilsad

Leave a Comment