ප්‍රමුඛ පුවත 1

පාසල් මට්ටමින් දීපව්‍යාප්ත ඩෙංගු මර්දන වැඩසටහනක්

(UTV|කොළඹ) – රට පුරා දිනෙන් දින පැතිර යන ඩෙංගු රෝග තත්ත්වයන්ගෙන් පාසල් දරුවන් ආරක්ෂා කරගැනීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය ඩෙංගු මර්දන වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කර තිබේ.

 අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ උපදෙස් පරිදි  මෙම වැඩසටහන් ක්‍රියාත්මක කෙරේ.

ඊට සමගාමී ව, 2018 වසරේ පළමු පාසල් වාරය ආරම්භ වීමට පෙර, එනම්, 2017 දෙසැම්බර් 30,31 දෙදින තුළ ද දීපව්‍යාප්ත සියලු පාසල්වල විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් ක්‍රියාවට නැංවීමට නියමිතයි.

ජාතික ඩෙංගු මර්දන වැඩසටහනට සමගාමී ව, සියලු පාසල් ඩෙංගුවලින් තොර කලාප බවට පත්කිරීම වෙනුවෙන් ක්‍රියාත්මක වන මෙම වැඩසටහන සාර්ථක කරගැනීම සඳහා කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්, කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්, විදුහල්පතිවරුන්, ගුරු උපදේශකවරුන්, ගුරුභවතුන් හා අදාළ අනෙකුත් නිලධාරීන්ගේ සක්‍රීය සහභාගීත්වය ලබාදිය යුතු බවත්, කලාප මට්ටමින් ඒ පිළිබඳ අධීක්ෂණ වාර්තාවක් අධ්‍යාපන අමාත්‍යාංශය වෙත යොමු කළ යුතු බව ද අධ්‍යාපන ලේකම්වරයා අවධාරණය  කරයි.

එමෙන් ම පාසල් පරිශ්‍රයන් පිරිසිදු කිරීමට දෙමව්පියන්, ත්‍රිවිධ හමුදාව, පොලිසිය, සිවිල් ආරක්ෂක බළකාය හා ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ ශ්‍රම දායකත්වය ලබාගැනීමට කටයුතු කළ යුතු බව ටද අධ්‍යාපන ලේකම් සුනිල් හෙට්ටිආරච්චි මහතා විසින් මේ වනවිටත් සියලු පාසල් ප්‍රධානීන් දැනුවත් කර තිබේ.

මීට අමතර ව සතියේ සෑම ඉරිදා දිනක ම  පාසල් පරිශ්‍රයන් පවිත්‍ර කිරීමේ කටයුතු අඛණ්ඩ ව පවත්වාගෙන යාම වෙනුවෙන් පාසල් ප්‍රධානීන් පියවරගත යුතු බවට ද ලේකම්වරයා විසින් මේ සම්බන්ධ ව නිකුත් කර ඇති චක්‍රලේඛය මඟින් දැනුවත් කර ඇත.

එමෙන් ම, කිසියම් පාසල් පරිශ්‍රයකට ඩෙංගු මදුරුවන් බෝවීම යටතේ නීත්‍යානුකූල ව යම් දඩමුදලක් නියම කළහොත් ඒ සඳහා පාසල් ප්‍රධානීන් වගකිව යුතු බව ද චක්‍රලේඛ මඟින් දැනුම් දී තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

මෙරට තවත් ආසාදිතයින් පිරිසක් සුවය ලබයි

Mohamed Dilsad

කොළඹ ආරක්‍ෂක සමුළුව – 2018 අගෝස්තු 30 සහ 31 කොළඹදී

Mohamed Dilsad

අගමැති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්

Mohamed Dilsad

Leave a Comment