ප්‍රමුඛ පුවත 1

අපනයන මත්ස්‍ය ප්‍රමාණයේ කැපී පෙනෙන වෙනසක්

(UTV|කොළඹ)  –  යුරෝපා සංගමයේ මත්ස්‍ය තහනම ඉවත් කිරීමෙන් පසු 2017  නොවැම්බර් මස  අග වන විට ශ්‍රී ලංකාව මත්ස්‍ය අපනයනයේ සියයට 45.9ක කැපී පෙනෙන වර්ධනයක් ඇති බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය පවසයි.

ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා මේ පිළිබඳ සාකච්ඡාවක් අමාත්‍යාංශයේ දී පැවැත්විනි.

ඒ අනුව 2017 ජනවාරි මස සිට සැප්තැම්බර් මාසය දක්වා කාලය තුළ මෙරටින් යුරෝපා සංගමයට අයත් රටවලට අපනයනය කරන ලද මසුන් ප්‍රමාණය මෙට්‍රික් ටොන් 18,262කි. එහි සමස්ත වටිනාකම රු. මි. 28,685කි.

පසුගිය වසරේ අදාළ කාල සීමාවට සාපේක්ෂව ගත් කළ අපනයන ප්‍රමාණය සියයට 45.9ක වර්ධනයක් පෙන්නුම් කරන අතර අපනයන ආදායමේ වර්ධනය සියයට 47.7කි. එය මේ වසරේ කැපී පෙනෙන අපනයන ආදායම් වර්ධනයක් බව නිලධාරිහු අමාත්‍යවරයාට පෙන්වා දුන්හ.

යුරෝපා සංගමයේ අනුමැතිය ලත් අපනයන පිරිසැකසුම් මධ්‍යස්ථාන Processing Centers 33ක් ඇතුළු සමස්ත පිරිසැකසුම් මධ්‍යස්ථාන 52ක් හා ඇසුරුම් මධ්‍යස්ථාන Packaging Units 16ක දායකත්වය මත මත්ස්‍ය අපනයනය උදෙසා කටයුතු කරන අතර ගුණාත්මකභාවයෙන් ඉහළ මසුන් ශ්‍රී ලංකාව මගින් අපනයනය කෙරෙන නිසා එම තත්ත්වය විනාශ කර නොගෙන ඉදිරියටත් කටයුතු කරන ලෙස අමාත්‍යවරයා මෙහිදී නිලධාරින්ට උපදෙස් දුන්නේය.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

එජාප ප්‍රතිසංවිධාන කමිටුව හෙට රැස්වේ

Mohamed Dilsad

ගෝඨාභය රාජපක්ෂගේ නඩුවට අද දුන් තීන්දුව

Mohamed Dilsad

උතුරේ ඉඩම් අක්කර 263ක් නිදහස් කෙරේ

Mohamed Dilsad

Leave a Comment