ප්‍රමුඛ පුවත 1

විදේශ භික්ෂූන් වහන්සේලා පිරිසක් ජනපති හමුවෙයි

(UTV|කොළඹ)  – බෞද්ධ පුනරුදය උදෙසා ශ්‍රී ලංකාව විසින් සිදුකරන මෙහෙය පිළිබඳව  සිය ප්‍රසාදය පළකරමින් විදේශ රටවල් කිහිපයක භික්ෂූන් වහන්සේලා පිරිසක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවී ආශීර්වාද පළකළහ.
ඊයේ (27) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී මෙම හමුව සිදුවිය.
තායිවානය, සිංගප්පූරුව, කොරියාව, කැනඩාව, ඇමරිකාව, චීනය, ඕස්ට්‍රේලියාව, මැලේසියාව, හොංකොං, ජපානය, වියට්නාමය, මියන්මාරය, ජර්මනිය, ඉතාලිය, ස්විඩනය, නවසීලන්තය යන රටවල් නියෝජනය කරමින් භික්ෂූන් වහන්සේලා මෙම අවස්ථාවට එක්ව සිටි අතර මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය වලහාහැංගුණ වැවේ ධම්මරතන මහනාහිමිපාණන් ද මෙම අවස්ථාවට එක්වූහ.
මෙහිදී එම භික්ෂූන් වහන්සේලා සමග සමූහ ඡායාරූපයකට ද ජනාධිපතිවරයා එක්විය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

හිටපු ආරක්ෂක ලේකම් විශේෂ මහාධිකරණයට

Mohamed Dilsad

විමල්ට එරෙහි නඩුව නොවැම්බර් 04 වනදා සිට කැඳවීමට සුදානම්

Mohamed Dilsad

අද සිට ගිණුම් කාරක සභාව ජනමාධ්‍යයට විවෘත වෙයි

Mohamed Dilsad

Leave a Comment