ප්‍රමුඛ පුවත 1

මිහිසරු සම්මාන ප්‍රදානෝත්සවය ජනපති ප්‍රධානත්වයෙන්

(UTV|කොළඹ)  – “මිහිසරු සම්මාන ප්‍රදානෝත්සවය 2017” ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (28) පස්වරුවේ කොළඹ නෙළුම් පොකුණ රගහලේදී පැවැත්විණි.

බස්නාහිර පළාත තුළ අපද්‍රව්‍ය කළමනාකරණ ක්ෂේත්‍රයේ විශේෂ දක්ෂතා හා කුසලතා දක්වන ලද රාජ්‍ය ආයතන හා පුද්ගලික ආයතන ඇගයීමට ලක් කිරීම හා දිරිගැන්වීම තුළින් අපද්‍රව්‍ය කළමනාකරණය නිවැරදි දිශානතියකට යොමු කිරීම අරමුණු කර ගනිමින් බස්නාහිර පළාත් අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරිය විසින් මෙම සම්මාන ප්‍රදානෝත්සවය සංවිධානය කර තිබුණි.

අපද්‍රව්‍ය කළමනාකරණය නිසි ලෙස සිදුකරන පළාත් පාලන ආයතන, පාසල්, පෙර පාසල්, රාජ්‍ය ආයතන, ආරෝග්‍ය ශාලා, හෝටල් ඇතුළු අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා දායකත්වය දක්වන පරිසර පොලිස් ඒකකවල ක්‍රියාකාරීන් මෙන්ම පරිසර පොලිස් ආරක‍ෂණ කොට්ඨාස සහ ශ්‍රී ලංකා යුද හමුදාවේ අලංකරණ ඒකකයේ කටයුතු ඇගයීමට ලක් කරමින්Bronze, Silver, Gold yd Platinum  වශයෙන් ඇගයීම් සම්මාන ප්‍රදානය කිරීම මෙහිදී සිදුවිය.

සම්මාන ඛාණ්ඩ 08 ක් යටතේ රන් සමාන 13 ක් පිරිනැමීම ජනාධිපතිතුමා අතින් සිදුවූ අතර, ශ්‍රී ලංකාවට අපද්‍රව්‍ය කළමනාකරණය වෙනුවෙන් ජීව වායු තාක්ෂණය හඳුන්වා දුන් මිය ගිය ජී.කේ. උපවංශ මහතාට හිමි “මිහිසරු ස්වර්ණාභිමාන” විශේෂ සම්මානය ඔහුගේ පුත් සාගර දේශප්‍රිය උපවංශ මහතා වෙත පිරිනැමීම සිදුවූයේ ද ජනාධිපතිවරයා අතිනි.

බස්නාහිර පළාත තුළ අපද්‍රව්‍ය කළමනාකරණය කරමින් පරිසරය සුරැකීමේ පරමාදර්ශය ලබාදුන් පානදුර, නල්ලුරුව පෙර පාසලට හිමි “පරිසර කැකුළු” ප්ලැටිනම් සම්මානය පිරිනැමීම ද ජනාධිපතිවරයා අතින් සිදුවිය.

“මිහිසරු හරිත නාමාවලිය” එළිදැක්වීම ද ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් සිදුවූ අතර, බස්නාහිර පළාත් අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරියේ නව වෙබ් අඩවිය ද ජනාධිපතිවරයා අතින් විවෘත කෙරිණි.

අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත, බස්නාහිර පළාත් ආණ්ඩුකාර කේ.සී ලෝගේෂ්වරන්, ප්‍රධාන අමාත්‍ය ඉසුරු දේවප්‍රිය යන මහත්වරුන් ඇතුථ පිරිසක්  මෙම අවස්ථාවට එක්ව සිටියහ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ජාතික පොලිස් කොමිෂන් සභාවේ නව සභාපති ධුරයට මනතුංග මහතා පත් කෙරේ

Mohamed Dilsad

ශ‍්‍රී ලංකා සංඥා බළකායේ 75 වන සංවත්සරයට සමගාමීව පැවැත්වෙන ජාත්‍යන්තර සමුළුවේ සහ තොරතුරු තාක්ෂණ ප‍්‍රදර්ශනයේ සමාරම්භක අවස්ථාව ජනපති ප‍්‍රධානත්වයෙන්

Mohamed Dilsad

මදුෂ් ඩුබායි වලින් පිටුවහල් කරන්නේද නැද්ද? තීරණය අද

Mohamed Dilsad

Leave a Comment