විදෙස්

ඇමෙරිකාවට,කැනඩාවට අධික හිම පතනයක්

(UTV|ඇමරිකාව)  – ඇමරිකා එක්සත් ජනපදයට සහ කැනඩාවට මේ වනවිට අධික ශීතලක් පවතින බව විදෙස් වාර්තා පවසයි.

ඇමරිකාවේ – මිනසෝටා ප්‍රාන්තයේ උෂ්ණත්වය සෙන්ටි‍්‍රගේඩ් අංශක ඍණ 38 යි දශම 3 ක් වන අතර, නිව් හැම්ප්ෂයර් ප්‍රාන්තයේ මවුන්ට් වොෂින්ටන්හි උෂ්ණත්වය සෙන්ටි‍්‍රගේඩ් අංශක ඍණ 36 යි දශම 6 ක් ලෙසයි වාර්තාවේ.

කැනඩාවේ ඇතැම් ප්‍රදේශවල මේ වනවිට අගහරුගේ උත්තර ධ‍්‍රැවයටත් වඩා අධික ශීතලක් පවතින බව සදහන්ය.

ඇමරිකාවේ බොහෝ ප්‍රදේශ හිමෙන් වැසී ඇති අතර, පෙන්සිල්වේනියා ප්‍රාන්තයට නත්තල් දා සිට අඩි 5 ක පමණ හිම තට්ටුවක් පතිත වී ඇත.

මේ සති අන්තය වනවිට උත්තර ධ‍්‍රැවය හරහා මහාවිල් කලාපයෙන් හිම කුණාටු පතිත විය හැකි බව ඇමරිකානු කාලගුණ අංශ සඳහන් කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

කොවිඩ් රෝගීන් මියයෑම හේතුවෙන් ජෝර්දාන සෞඛ්‍ය ඇමති ඉල්ලා අස්වෙයි

Mohamed Dilsad

නවසීලන්තයේ නව අගමැති ලෙස Chris Hipkins දිවුරුම් දෙයි

Mohamed Dilsad

ලෝ පුරා එක් දිනකදී වාර්තා වූ වැඩිම ආසාදිතයන් ඊයේ දිනය තුළ

Mohamed Dilsad

Leave a Comment