ප්‍රමුඛ පුවත 1

නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ තෙවර්ෂ පූර්ණ පුණ්‍ය මහෝත්සවය ජනපති ප‍්‍රධානත්වයෙන්

(UTV|කොළඹ) – මහනුවර, නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ තෙවර්ෂ පූර්ණ පුණ්‍ය මහෝත්සවය ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (01) පස්වරුවේ පැවැත්විණි.

ඓතිහාසික කන්ද උඩරට නෙල්ලිගල නම් සුන්දර කදු පියසේ පිහිටි නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය දෙස් විදෙස් ජනතාවගේ ගෞරවයට හා වන්දනාවට පාත‍්‍ර වූ පුදබිමකි.

බෞද්ධ ධර්ම මධ්‍යස්ථානයක් ලෙස මෙන්ම දේශීය සංස්කෘතික ආයතනයක් ලෙස නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය මේ වන විට සුවිශේෂි ආගමික සහ සාමාජයීය මෙහෙවරක් ඉටු කරමින් සිටී.

එහි තෙවර්ෂ පූර්ණ පුණ්‍ය මහෝත්සවය සදහා එක්වූ ජනාධිපතිතුමා වෙත නෙල්ලිගල බෞද්ධ මධ්‍යස්ථානාධිපති පූජ්‍ය වතුරකුඹුරේ ධම්මරතන නායක ස්වාමින් වහන්සේ විසින් විශේෂ සිහිවටන තිළිණයක් ද පිළිගැන්වීය.

බෞද්ධ මධ්‍යස්ථානයේ ප‍්‍රාකාර බැමි සහිත සංවර්ධනය කරන ලද ඉහළ මළුව විවෘත කෙරුණේ ද ජනාධිපතිතුමා අතිනි.

ඉන් අනතුරුව ශී‍්‍ර ශාඛ්‍යසිංහ සුගන්ධ කුටිය වෙත ගිය ජනාධිපතිතුමා එහි තැන්පත් කර ඇති ශී‍්‍ර ධාතුන් වහන්සේ වෙත පුෂ්පෝපහාර දැක්වීය.

මල්වතු පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම අනුනායක ස්වාමින් වහන්සේ. අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභික ශී‍්‍ර චන්දානන්ද බෞද්ධ විද්‍යාලයේ විද්‍යාලාධිපති, රංගිරි දඹුළු රජමහා විහාරාධිපති පූජ්‍ය ගොඩගම ධර්මකීර්ති ශී‍්‍ර චන්ද්‍රානන්ද මංගලාභිධාන නායක ස්වාමින් වහන්සේ ප‍්‍රමුඛ මහා සංඝරත්නය ද, මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිලූකා ඒකනායක, ප‍්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක, පාර්ලිමේන්තු මන්තී‍්‍ර මයන්ත දිසානායක යන මහත්වරුන් සහ සැදැහැවත් ජනතාව විශාල පිරිසක් මෙම පුණ්‍යෝත්සවයට එක්ව සිටියහ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

රණවිරු උද්ඝෝෂකයන්ට තහනම් නියෝගයක්

Mohamed Dilsad

ඇවන්ගාඩ් හිටපු සභාපති රිමාන්ඩ් භාරයට

Mohamed Dilsad

චීනයෙන් මැණික් ගෙන ආ තිදෙනෙකු කොටු වෙයි

Mohamed Dilsad

Leave a Comment