ප්‍රමුඛ පුවත 1

අපගේ වගකීම මහජනතාවට පක්ෂපතිව කටයුතු කිරීමයි- ප්‍රවෘත්ති අධ්‍යක්ෂ කියයි

(UTV|කොළඹ) – අපගේ වගකීම මහජනතාවට පක්ෂපති ලෙස කටයුතු කිරීමයි. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වන්නේ අපක්ෂපාතීව, සත්‍ය ලෙස මධ්‍යස්ථව හා නිවැරැදිව රජය පිළිබඳ තොරතුරු ජනතාව වෙත ලබාදීම යැයි” රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ නීතිඥ සුදර්ශන ගුණවර්ධන මහතා පවසයි.

2018 නව වසරේ දී රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් හමුවෙමින් රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (02) ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු පරිශ්‍රයේ දී පැවසීය.

අප සියලු දෙනා එකම පරමාර්ථයක් පෙරදැරිව අද රාජකරි ආරම්භ කරනවා. අපි මේ රටේ මහජන මුදලින් නඩත්තු වන පිරිසක්. අපි කවුරුන් ද, කුමක් කළ යුතු ද යන්න අප අද ලබාදුන් ප්‍රතිඥාවෙන් ප්‍රකාශ කර තිබේ.

අපගේ වගකීම මහජනතාවට පක්ෂපති ලෙස කටයුතු කිරීමයි.ස්වර්ව ජන ඡන්දයෙන් පත් වූ රජයක අරමුණු හා ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට අප බැදී සිටිනවා.

අප සියලු දෙනා එකමුතුව අලුත් ප්‍රාර්ථන සමඟින් කටයුතු කළ යුතුයි. අතීතයේ කටුක මෙන් ම කටුක නොවූ දේවල් අත්දැකීම් ලෙස ගෙන අලුත් ප්‍රාර්ථනා ඇතිකර ගත යුතුයි.එකම පවුලක් ලෙස සිතා කටයුතු කිරීම වැදගත්.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වන්නේ, රජය පිළිබඳ තොරතුරු අපක්ෂපාතීව, සත්‍ය ලෙස, මධ්‍යස්ථව හා  නිවැරැදිව ජනතාව වෙත ලබාදීමයි. ජනතාවට තොරතුරු දැනගැනීමේ අයිතියක් පවතිනවා.එහිදී රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවට වැදගත් කාර්යභාරයක් පැවරෙනවා යැයි ද රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසීය.

මේ අවස්ථාවට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නිලධාරීහු රැසක් සහභාගී වී සිටියහ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

නිල්වලා පහළ නිම්නයේ ගංවතුර තත්ත්වය වර්ධනය විය හැකි බවට අනතුරු ඇඟවීම්

Mohamed Dilsad

ඩොලර් ලක්ෂ 3 කට වැඩි මුදලක් ආයෝජනය කළහැකි විදේශිකයින්ට ශ්‍රී ලංකාවේ නේවාසික විසා

Mohamed Dilsad

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සේවා දිවියට සමුදෙයි

Mohamed Dilsad

Leave a Comment