ප්‍රමුඛ පුවත 1

පොහොර ප්‍රශ්නය අද රාත්‍රියේ විසඳෙනවා – අමාත්‍ය දයාසිරි

(UTV|කොළඹ) –  රටේ ඇතිව තිබෙන පොහොර හිඟය අද රාත්‍රි වනවිට විසදෙනු ඇති බව සම කැබිනට් ප්‍රකාශක, ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසයි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (3) පැවැති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ මධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා මෙසේ පැවසී ය.

මෙක්.ටොන් 40000ක පොහොර තොගයක් ශ්‍රී ලංකාවට ලැබෙන බව කී අමත්‍යවරයා ,එම පොහොර තොග වරායේ සිට දිවයිනේ පොහොර අවශ්‍ය ප්‍රදේශ කරා ලොරි රථ 200ක් මඟින් ප්‍රවාහනය කරන බවද කීය.

පාකිස්ථානයෙන් පොහොර ලබාගැනීමේ දී යන් ප්‍රමාදයක් සිදු වූ බවත් එයට හේතුව එරට විසින් පොහොර අපනයනට තහංචි පනවා තිබීමත්ය. ඒ අනුව අතිගරු ජනාධිපතිතුමා එරට අග්‍රාමාත්‍යවරයා සමඟ කළ සාකච්ඡවකින් අනතුරුව මෙරටට පොහොර ලබාදීමට කටයුතු කළ බවත් ඒ අනුව පොහොර තොග ලැබෙන බවත් සඳහන් කළේ ය.

මෙහිදී අඳහස් දැක් වූ අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සඳහන් කළේ, පොහොර ලබාගැනීමට ලබාදුන් සහනාධාර මුදල්වල කිසිදු හිඟයක් ඇති වී නොමැති බවත්, පොහොර හිඟයක් පමණක් තිබූ බවත් ය. ඒ අනුව ඉදිරියේ දී පොහොර හිඟය මඟ හැරෙන බව ද අමාත්‍යවරයා සඳහන් කළේ ය.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ව්‍යාපාරික ක්ෂේත්‍රය ශක්තිමත් කිරීමට වැඩසටහනක් [VIDEO]

Mohamed Dilsad

ඥානසාර හිමියන්ගෙන් මහාධිකරණයට අභියාචනා පෙත්සමක්

Mohamed Dilsad

ජනපති සීසෙල්ස් රාජ්‍ය බලා පිටත් වෙයි

Mohamed Dilsad

Leave a Comment