ප්‍රමුඛ පුවත 1

ශ්‍රී ලංකාවේ සිතියම වසර 18 කට පසු අලුත් වෙයි

(UTV|කොළඹ) – ශ්‍රී ලංකාවේ භූගෝලීය සිතියම අලුතින් සකස් කිරීමට ශ්‍රී ලංකා මිනින්දෝරු දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත.

නව ශ්‍රී ලංකා සිතියම 1: 50000 පරිමාණයේ සිතියම් 92කින් සමන්විත වේ.  එයින් සිතියම් 65ක කටයුතු දැනටමත් අවසන් වී ඇති අතර ඉතිරි සිතියම් 27 ඉදිරි මාස කිහිපය තුළ සම්පූර්ණ කිරීමට බලාපොරොත්තු වන බව රජයේ මිණුම්පති පී.එම්.පී. උදයකාන්ත මහතා රජයේ නිල පුවත් වෙබ් අඩවියට පැවසීය.

ශ්‍රී ලංකාවේ සිතියම මෙසේ යළි සකස් කරනු ලබන්නේ වසර 18කට පසුවය.  මේ කාලය තුළ ශ්‍රී ලංකා භූමියේ වෙනස්කම් රැසක් සිදු වී තිබේ.  නව සිතියමට අලුතින් ඉදිකරගෙන යන කොළඔ වරාය නගරයද ඇතුළත් වේ.  ශ්‍රී ලංකාවේ දකුණු සහ නැගෙනහිර වෙරළ තීරයන්හි ගොඩවීමක් දක්නට ලැබෙන අතර හලාවත වෙරළ තීරයේ අඩුවිමක් සිදු වී ඇති බව නව සිතියම් වලින් පෙනී යන බව ද මිණුම්පති උදයකාන්ත මහතා කීය.

නව ශ්‍රී ලංකා සිතියම චන්ද්‍රිකා තාක්ෂණය භාවිතා කරමින් සකස් කරගෙන යන අතර එහි කටයුතු සම්පූර්ණ වූ පසු නව සිතියම මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට ද ඇතුලත් කරන බවත් මිණුම්පති වරයා තවදුරටත් පැවසීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

රටේ පොදු ප‍්‍රවාහන සේවාව මගී ජනතාවගේ ප‍්‍රසාදයට හේතු වන සේවාවක් – ජනපති

Mohamed Dilsad

සයිටම් සිසුන්ගෙන් ජනපතිට යළිත් ලිපියක්

Mohamed Dilsad

දකුණු කොරියාවේ දී ශ්‍රී ලාංකීක තරුණයෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment