ප්‍රමුඛ පුවත 1

ඉන්දියානු අමාත්‍ය රවි ශන්කර් ප‍්‍රසාද් මහතා ජනපති හමුවෙයි

(UTV|කොළඹ)  – නීතිය, සාමය සහ ඉලෙක්ට්‍රොනික සහ තොරතුරු තාක්ෂණය පිළිබඳ ඉන්දියානු අමාත්‍ය රවි ශන්කර් ප‍්‍රසාද් මහතා   (15) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා හමුවිය.

ඉන්දියාවේ බිහාර් ප‍්‍රාන්තය නියෝජනය කරන ජනතා නියෝජිතයෙක් මෙන්ම වෘත්තියෙන් නීතිඥවරයෙකු වන රවි ශන්කර් ප‍්‍රසාද් මහතා ඉන්දියානු ආධාර වැඩසටහනේ නියමුවා වන අතර එමගින් සියලු පුරවැසියන්ට පරිගණකගත අනන්‍යතාවයක් ලබාදීමටත් සියලු සමාජ ආරක්ෂණ දීමනා ඒ හරහා ලබාදීමටත් කටයුතු කරයි.

වත්මන් රජය යටතේ ශී‍්‍ර ලංකාවේ ද තොරතුරු තාක්ෂණ ක්ෂේත‍්‍රය තුළ ඇතිවී තිබෙන ප‍්‍රබෝධය මෙහිදී ඇගයීමට ලක්කළ අමාත්‍යවරයා අද ඉන්දියාව තුළ සමාජ සංවර්ධනය සඳහා තොරතුරු තාක්ෂණය භාවිතා කරන අන්දම පිළිබඳව ද දීර්ඝ වශයෙන් අදහස් දැක්වීය.

තොරතුරු තාක්ෂණ ක්ෂේත‍්‍රය තුළ ශී‍්‍ර ලංකාව සහ ඉන්දියාව අතර පවතින සබඳතා තවදුරටත් වර්ධනය කර ගැනිමේ අවශ්‍යතාවය මෙහිදී ජනාධිපතිතුමා අවධාරණය කළ අතර ඒ සඳහා ලබාදිය හැකි සෑම සහයක්ම ලබාදෙන බව අමාත්‍යවරයා ප‍්‍රකාශ කළේය.

ලක්ෂ්මන් කදිරගාමර් ගුණසමරු දේශනය පැවැත්වීම සඳහා රවි ශන්කර් ප‍්‍රසාද් මහතා මෙරට සංචාරයක නිරතවන අතර ඉන්දියාව සහ ශී‍්‍ර ලංකාව අතර තොරතුරු තාක්ෂණ ක්ෂේත‍්‍රයට අදාළ අවබෝධතා ගිවිසුමකට ද අද පෙරවරුවේ විදුලි සංදේශ සහ ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යාංශයේදී අත්සන් තැබීය.

අද ජනාධිපතිතුමා හමුවූ අවස්ථාවට ශී‍්‍ර ලංකාවේ ඉන්දියානු මහකොමසාරිස් තරංජිත් සිං සන්දු මහතා ද එක්ව සිටියේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ලංකාවෙන් පිටතදී සිදුකරන ගෙවීම් සඳහා නව අයබද්දක්

Mohamed Dilsad

මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා වෛද්‍ය පරීක්ෂණ කිහිපයක් සදහා යොමු කෙරේ

Mohamed Dilsad

රාජිතව අත්අඩංගුවට ගැනීමට නියෝග

Mohamed Dilsad

Leave a Comment