ප්‍රමුඛ පුවත 1

අන්තරේ කැදවුම්කරු රිමාන්ඩ්

(උදයම්,කොළඹ ) – ඇප කොන්දේසි කඩකිරීමේ චෝදනා මත අත්අඩංගුවට ගත් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ලහිරු වීරසේකර රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

ඔහු පෙබරවාරි මස 09 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇති බව සඳහන්ය.

අධිකරණයේ විභාගවන නඩුවකට අදාළව ඇප නියම කිරිමේදී විරෝධතා ව්‍යාපාරවලට සහභාගිවීම වලක්වාලමින් අධිකරණය ලහිරු විරසේකරට ඇප කොන්දේසියක් පනවා තිබුණි.

කෙසේ වෙතත් එම කොන්දේසිය කඩකරමින් පසුගියදා පැවැති විශ්වවිද්‍යාල සිසුන් ඇතුළු විරෝධතා පා ගමනට සහභාගී වූ බවට ලහිරු විරසේකරට චෝදනා එල්ලවී තිබේ.

Related posts

ආපදාවට පත්වූ ආසනවල සම්බන්ධීකරණ කටයුතු සඳහා සංවිධායකවරු පත් කෙරේ

Mohamed Dilsad

තැපැල් ඡන්ද පත්‍රිකා අද තැපෑලට

Mohamed Dilsad

ලෝක විවාහක රූ රැජිණ දිවයිනට [VIDEO]

Mohamed Dilsad

Leave a Comment