ප්‍රමුඛ පුවත 1

ශ්‍රී ලංකා මුහුදු සීමාව තුළ නෞකා 20ක් පමණ ගිලී ඇති බවට තොරතුරු

(UTV|කොළඹ)  – මෙරට මුහුදු සීමාව තුළ නෞකා 20ක් පමණ ගිලී ඇති බවට තොරතුරු අනාවරණය වෙයි.
අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කළේ මධ්‍යම සංස්කෘතික අරමුදල විසින් සිදුකල ගවේශනයකට අනුව මෙම තොරතුරු අනාවරණය වී ඇති බවයි.
පසුගිය වසරේ සිදුකල මෙම ගවේශනයේදී මෙරට මුහුදේ ගිලී ඇති යාත්‍රා 20ක පමණ තොරතුරු අනාවරණය කරගැනීමට හැකි විය.
මීට වසර 100කට වඩා පැරණි යැයි අනුමාන කල හැකි යාත්‍රා ද හමුවී ඇති අතර ඉන් වැඩි ප්‍රමාණයක් මීටර 25කට වඩා ගැඹුරු මුහුදේ තැන්පත් වී ඇති බව වාර්තා වේ.
මෙම යාත්‍රා අතර විහාල භාණ්ඩ ප්‍රවාහන නෞකා මෙන්ම වාෂ්ප නෞකා ද එංජින් බලයෙන් ක්‍රියාත්මක වූ බත්තල් ද පවතින බව මධ්‍යම සංස්කෘතික අරමුදල සඳහන් කරයි.
මෙම නෞකා පිළිබඳව සිදුකරන ලද ගවේශන මගින් හමුවූ පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුතු භාණ්ඩ හා උපකරණ මේ වන විට ගාල්ල කොටුවේ ස්ථාපිත කර ඇති මුහුදු පුරාවිද්‍යා  කෞතුකාගාරයේ තැන්පත් කර තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

මුදලට තරඟපාවාදීම සම්බන්ධයෙන් CID සහ ICC යෙන් පරීක්‍ෂණ

Mohamed Dilsad

නළ ජලය ලබා දෙන ආවරණ කලාපය වැඩි කිරීමේ සැළසුමක්

Mohamed Dilsad

හිටපු ජනපතිට ඉන්දියාවෙන් ලැබෙන ඉහළම සම්මානය

Mohamed Dilsad

Leave a Comment