ප්‍රමුඛ පුවත 1

සුපිරි ගණිකා නිවසක් වටලයි

(UTV|කොළඹ) – නාවල ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලයි.
එහිදී සැකකාරියන් 18 දෙනෙකු සහ එය කළමනාකරණය කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු  අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.
ඊයේ පස්වරුවේ වැලිකඩ පොලිසිය විසින් මෙම හදිසි වැටලීම සිදුකර තිබේ.

ඒ අලුත්කඩේ අංක 4 අධිකරණය මගින් ලබාගත් සෝදිසි වරෙන්තුවක් මතයි.

සම්බාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් මෙම ගණිකා නිවාසය පවත්වාගෙන ගොස් ඇති බව විමර්ශන වලදී අනාවරණ වී ඇත.

මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරුවන් සහ සැකකාරියන් අවුරුදු 19 ත් 64 ත් අතර වයසේ පසුවේ.

සැකකරුවන් සහ සැකකාරියන් අද අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ප්‍රගීත් එක්නැලිගොඩ සිද්ධියට සම්බන්ධ බුද්ධි නිලධාරීන්ට නඩු පැවරේ

Mohamed Dilsad

තව්හිත් ජමාත් අනුගාමිකයින් 64 දෙනා යළිත් රිමාන්ඩ්

Mohamed Dilsad

මධුෂ්ව තවදුරටත් රඳවා ගැනීමට සුදානම් – CID

Mohamed Dilsad

Leave a Comment