ප්‍රමුඛ පුවත 1

දූෂිත දේශපාලනඥයින්ට නිසි දඬුවම් ලබාදී තමන් ජනාධිපති ධුරයෙන් නික්ම යන බව ජනපති කියයි.

(UTV|කොළඹ) – ජනාධිපති ධුරයෙන් නික්ම යන්නේ කවදාදැයි ඇතැමුන් ප‍්‍රශ්න කළත් තමන් ජනාධිපති ධුරයෙන් නික්ම යන්නේ දූෂිත දේශපාලනඥයින්ට නිසි දඬුවම් ලබාදීමෙන් අනතුරුව බව ජනාධිපතිවරයා පවසයි.දූෂණයට, වංචාවට එරෙහිව ජනතාවාදී ගමනක් යාමට ජනතාව සමග පාරට බැසීමට වුවද සූදානම් බව ජනාධිපතිවරයා අවධාරණය කළේ අද (18) පස්වරුවේ කොස්ගම ප‍්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමිනි.

මෙම පෙබරවාරි 10 වනදා පැවැත්වෙන පළාත් පාලන මැතිවරණයෙන් අනතුරුව දේශපාලන බේදයකින් තොරව රටට ආදරය කරන සියලු දේශපාලනඥයින් එක්කර ගනිමින් දූෂණ විරෝධී ජාතික ව්‍යාපාරයක් ආරම්භ කරන බව පැවසූ ජනාධිපතිතුමා ඊට එක්වන ලෙස මේ රටේ සියලු ආගමික නායකයින්ට, උගතුන්ට, බුද්ධිමතුන්ට මෙන්ම රටට ආදරය කරන සියලු ජනතාවට ගෞරවයෙන් ආරාධනා කරන බව ද කියා සිටියේය.

රටත්, ජාතියත් වෙනුවෙන් ඉටුකළයුතු වැඩකොටස කිසිසේත් අතපසු කළ නොහැකි අතර එම ගමන සාර්ථකව ඉදිරියට යාමට ආදර්ශවත් දේශපාලනඥයින් පිරිසක් රට තුළ ගොඩනැගිය යුතු බවද ජනාධිපතිතුමා මෙහිදී කියා සිටියේය.

2015 ජනවාරි 08 වනදා සිදුවූ වරද නිවැරදි කිරීමට ආපසු හැරෙන්නැයි හිටපු නායකයින් මේ රට් ජනතාවගෙන් කරන ඉල්ලීම පිළිබඳව ද සිහිපත් කළ ජනාධිපතිතුමා කියා සිටියේ ආපසු හැරෙන ලෙස ඔවුන් ඉල්ලන්නේ දූෂිත පාලනයක් මෙන්ම අතුරුදන්වීම්, මිනිස් ඝාතන, මාධ්‍යවේදීන් මරා දැමීම සහ මාධ්‍ය ආයතන ගිනිගත් යුගයක් යළිත් මේ රටේ නිර්මාණය කිරීමට නොවේදැයි ප‍්‍රශ්න කළේය.

එමෙන්ම පැවති පාලනය සහ හිටපු නායකයින් ගැන ජාත්‍යන්තරයේ ඇති සහතික මැකී ගොස් නොමැති අතර යළිත් ජාත්‍යන්තරය හමුවේ ශී‍්‍ර ලංකාව අසරණ කර රටේත් ජනතාවගේත් අනාගතය අඳුරු කරන ඔවුන්ගේ වැඩපිළිවෙළ සමග ආපසු හැරීමට මේ රටේ ජනතාව සූදානම් නොමැති බව ද ජනාධිපතිතුමා අවධාරණය කළේය.

එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් මෙවර පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත්වන අපේක්ෂකයින්ගේ ජය තහවුරු කිරීම වෙනුවෙන් ජනාධිපතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් දිවයින පුරා පැවැත්වෙන ජනහමු මාලාවේ සීතාවකපුර නගර සභා හා ප‍්‍රාදේශීය සභා අපෙක්ෂකයින්ගේ ජය තහවුරු කිරීමේ මහා ජන රැළිය අතිවිශාල ජනතාවකගේ සහභාගිත්වයෙන් මෙලෙස කොස්ගම ඩැනී විජේසුන්දර කී‍්‍රඩාංගණයේදී පැවැත්විණි.

ආගමික නායකයින් සහ අන්‍යාගමික පූජකවරුන් ද අමාත්‍යවරුන් වන සුසිල් පේ‍්‍රමජයන්ත, මහින්ද අමරවීර, රාජ්‍ය අමාත්‍ය ඒ.එච්.එම්. ෆවුසි, බස්නාහිර පළාත් ප‍්‍රධාන අමාත්‍ය ඉසුර දේවප‍්‍රිය, අවිස්සාවේල්ල ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ ප‍්‍රධාන සංවිධායක සුමිත් විජයමුණි සොයිසා, අනුරුද්ධ පොල්ගම්පොළ, සුනිල් විජේරත්න, අජිත් විජේමුණි සොයිසා යන මහත්වරුන් ඇතුළු මහජන නියෝජිතයින් රැසක් මෙම ජනහමුවට එක්ව සිටියහ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ජාතික සමගිය සහ සහජීවනය වැඩිදියුණු කිරීමේ අමුළුව අම්පාරේදී

Mohamed Dilsad

දිස්ත්‍රික්ක කිහිපයකට නිකුත්කළ නායයෑම් අනතුරු ඇඟවීම තවදුරටත්

Mohamed Dilsad

යළිත් ජාතික ආණ්ඩුවක් පිහිටුවීමට රජය තීරණය කරයි…

Mohamed Dilsad

Leave a Comment