ප්‍රමුඛ පුවත 1

අල්ලස හා දූෂණය තුරන් කිරීම උදෙසා ජාතික කි‍්‍රයාකාරී සැලැස්මක්

(UTV|කොළඹ) – ශී‍්‍ර ලංකාව තුළ අල්ලස් හා දූෂණ තුරන් කිරීම උදෙසා ජාතික කි‍්‍රයාකාරී සැලැස්මක් සකස් කිරීම පිළිබඳ විද්වත් කතිකාවක් ජනාධිපති ලේකම් ඔස්ටින් ප‍්‍රනාන්දු මහතාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (18) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.

මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ආර්. එච්. එස්. සමරතුංග, මහබැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි, විගණකාධිපති ගාමිණි විජේසිංහ, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් සරත් ජයමාන්න, ට‍්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂල් ශී‍්‍ර ලංකා ආයතනයේ විධායක අධ්‍යක්ෂ අශෝක අබේසේකර, පොලිස්පති පූජිත ජයසුන්දර යන මහත්වරුන් ද, ජාතික ප‍්‍රසම්පාදන කොමිෂන් සභාව, මුදල් කොමිෂන් සභාව, ශී‍්‍ර ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව, ශී‍්‍ර ලංකා වෘත්තීයවේදින්ගේ සංගමය සහ මාධ්‍ය ආයතන ද නියෝජනය කරමින් නියෝජිතයින් මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.
ශී‍්‍ර ලංකාව තුළ වංචාව සහ දූෂණය තුරන් කරමින් එමගින් ආර්ථික, සමාජයීය, සංස්කෘතික නීතිමය සහ පාරිසරික වශයෙන් තිරසර සංවර්ධනයක් උදාකර ගැනීම මෙම කි‍්‍රයාකාරී සැලැස්ම සම්පාදනය කිරීමේ අපේක්ෂාවයි.

අද ලෝකයේ සියලු රටවල් විසින් වංචාව සහ දූෂණය පිටුදැකීමේ අවශ්‍යතාවය හඳුනාගෙන තිබෙන අතර එම ව්‍යසනකාරී තත්ත්වය වළක්වාගැනීම සඳහා විවිධ සම්මුතීන්, නීතිරිති සහ යාන්ත‍්‍රණයන් පළාත්, ජාතික සහ ජාත්‍යන්තර මටිටමින් කි‍්‍රයාත්මක කරමින් සිටී.

ශී‍්‍ර ලංකාව තුළ ද එකී වැඩපිළිවෙළක අවශ්‍යතාවය හඳුනාගනිමින් දූෂණයට එරෙහිව කි‍්‍රයාත්මකවීම සඳහා ජාතික කි‍්‍රයාකාරී සැලැස්මක් සම්පාදනය කිරීමට 2017-10-24 වන දින කැබිනට් අනුමැතිය හිමිවිය.

ඒ අනුව එම ජාතික කි‍්‍රයාකාරී සැලැස්ම කඩිනමින් සකස් කිරීමේ කටයුතු මේ වන විට සිදුකරමින් පවතින අතර ඒ සඳහා රාජ්‍ය අංශය, පුද්ගලික අංශය, සිවිල් සංවිධාන, ජනමාධ්‍ය, ප‍්‍රජාපාදක සංවිධාන ඇතුළු සියලු පාර්ශ්වයන්ගේ අදහස් සහ යෝජනා කැඳවීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව අපේක්ෂා කරයි.

මෙම ජාතික කි‍්‍රයාකාරි සැලැස්ම පිළිබඳ විද්වත් අදහස් සහ යෝජනා ලබගැනීම අද පැවති සාකච්ඡාවේදී සිදුවූ අතර අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ශක්තිමත් කිරීම, විමර්ශන කි‍්‍රයාවලිය ශක්තිමත් කිරීම, අල්ලස් සහ දූෂණ නඩු මෙහෙයවීමේ කි‍්‍රයාවලිය ශක්තිමත් කිරීම, අල්ලස සහ දූෂණය නිවාරණය සම්බන්ධයෙන් ගතයුතු කි‍්‍රයාමාර්ග ආදි කරුණු පිළිබඳ එහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක්විය.

එමෙන්ම අල්ලස හා දූෂණය නිවාරණය පිළිබඳ කි‍්‍රයාත්මක කළයුතු දැනුවත් කිරීමේ සහ අධ්‍යාපනික වැඩසටහන් ද හඳුනාගෙන තිබේ. දූෂණ නිවාරණයේදී රාජ්‍ය අංශය, පෞද්ගලික අංශය, සිවිල් සංවිධාන ඇතුළු සමස්ත මහජනතාවගේ හවුල්කාරිත්වයක් තුළින් ඇතිවන ජාතික කි‍්‍රයාකාරී කමිටුවක් නිර්මාණය කිරීම තුළින් මහජන නියෝජිතයින්ගේ අල්ලස් සහ දූෂණ වැළැක්වීම සහ මහජන නියෝජිතයින්ගේ සුපිළිපන්න භාවය වැඩිදියුණු කිරීම අපේක්ෂා කරයි.

පෞද්ගලික අංශයේ අල්ලස් සහ දූෂණ කිි‍්‍රයා වැළැක්වීම, රාජ්‍ය ප‍්‍රසම්පාදන සහ මුදල් කළමනාකරණයේදී ඇතිවිය හැකි අල්ලස් සහ දූෂණ වැළැක්වීම, අල්ලස්, දූෂණ, මුදල් විශුද්ධිකරණය ඇතුළු අපරාධ වැරදිවලින් උපයන ලද වත්කම් ආපසු ලබාගැනීම සම්බන්ධයෙන් සකස් කළයුතු නීති, අල්ලස් සහ දූෂණය සම්බන්ධයෙන් වන නීතිය සහ ඊට අදාළ වෙනත් නීති සංශෝධන, දූෂණයට එරෙහිව හඬනගන්නන් ආරක්ෂා කිරීම, මැතිවරණවලට මුදල් යෙදවීම සීමා කිරීම සම්බන්ධයෙන් සකස් කළයුතු නීති රීති පිළිබඳව ද මෙහිදී අවධානය යොමු කෙරේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

විශේෂ තේරීම් කාරක සභාවට පොලීසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක්.

Mohamed Dilsad

චීන ජාතිකයින් පිරිසක් පිටුවහල් කෙරේ

Mohamed Dilsad

මහ මැතිවරණයක් තුළින් ශක්තිමත් ආණ්ඩුවක් ගොඩ නගනවා [VIDEO]

Mohamed Dilsad

Leave a Comment