(UTV|කොළඹ) – ළඟම පාසල හොඳම පාසල වැඩසටහන යටතේ දිවයිනේ සියලු පළාත්වල හඳුනාගත් පාසල් සංවර්ධන ව්‍යාපෘතීන් වෙනුවෙන් මෙම වසරේ ගත වූ පළමු දෙසතිය තුළ රුපියල් මිලියන 2700ක් මුදාහැර තිබෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.
රටේ සියලු පාසල් පහසුකම් සපිරි පාසල් බවට පත්කිරීම වෙනුවෙන් 2016 වසරේ මැයි මාසයේ සිට ක්‍රියාත්මක වන ළඟම පාසල හොඳම පාසල වැඩසටහන යටතේ පසුගිය වසර අවසන්වන විට සංවර්ධන ව්‍යාපෘති 13100කින් ව්‍යාපෘති 7296ක කටයුතු සම්පූර්ණයෙන් ම අවසන් කර ඇති අතර, පසුගිය දෙසැම්බර් මාසයේ පමණක් නිම කර ඇති ව්‍යාපෘති සංඛ්‍යාව 190ක් වේ.
පාසල්වල යටිතල පහසුකම් සංවර්ධනය, නව ගොඩනැගිලි ඉදිකිරීම් සහ හඳුනාගත් ප්‍රතිසංස්කරණ කටයුතු මෙම සංවර්ධන ව්‍යාපෘතින් යටතේ ක්‍රියාත්මක කෙරෙන අතර, මේ යටතේ ජාතික පාසල් 282ක් සහ පළාත් පාසල් 9063ක් ආවරණය කෙරේ.
ගුණාත්මක අධ්‍යාපන අවස්ථා රටේ සියලු දරුවන්ට අත්පත්කරදීමේ ජාතික අවශ්‍යතාව සාක්ෂාත් කිරීම වෙනුවෙන් අංග සම්පූර්ණ පාසල් පද්ධතියක් රට තුළ ස්ථාපිත කිරීමට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ සංකල්පයක් අනුව ළඟම පාසල හොඳම පාසල වැඩසටහන ක්‍රියාවට නැංවේ.
වර්ෂ 2016-2020 කාලසීමාව තුළ ක්‍රියාවට නැංවීමට සැලසුම් කර ඇති මෙම වැඩසටහන සඳහා වෙන් කර ඇති සම්පූර්ණ මුදල රුපියල් බිලියන 65කි. පසුගිය වසර අවසන්වනවිට රුපියල් බිලියන 25ක සංවර්ධන කටයුතු පාසල් පද්ධතිය තුළ ක්‍රියාවට නංවා අවසන් කර තිබෙන බව අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.
[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]