ප්‍රමුඛ පුවත 1

මොරගහකන්ද ජලාශය සමඟ කෘෂිකාර්මික කටයුතුවල නැවුම් පිබිදීමක්

(UTV|මාතලේ) – මොරගහකන්ද ජලාශය ඉදිවීමත් සමග තම කෘෂිකාර්මික කටයුතුවල නැවුම් පිබි`දීමක් ඇතිවී තිබෙන බව ප‍්‍රදේශයේ ගොවි ජනතාව පවසයි.

ඇලහැර, බකමුණ ප‍්‍රදේශ ආශී‍්‍රතව ගොවි ජනතාව මේ වන විට මඩ ගොවිතැන මෙන්ම ගොඩ ගොවිතැන සඳහා මොරගහකන්ද ජලාශයේ ජලය උපයෝගි කරගනිමින් සිටින අතර බෙත්මෙ ක‍්‍රමයට නොඑසේනම් කන්නයක් හැර කන්නයක් වගා කළ ගොවි ජනතාව ඉදිරියේදී දෙකන්නය වගා කිරීමට අපේක්ෂා කරන බව ද ප‍්‍රකාශ කරන්නේ කෘතවේදිත්වය පෙරදැරිවය.

දිගින් දිගටම ජල හිඟයෙන් බැට කෑ ඇලහැර ව්‍යාපාරයේ ගොවීන් වන තමන් අද ජලයෙන් සුරක්ෂිත බවත්ත මොරගහකන්ද රන් දියවරින් තම අනාගතය පමණක් නොව තම ඉදිරි පරම්පරාවල අනාගතය ද සමෘද්ධිමත් කරනු ඇති බවත් ඔවුන් සදහන් කරයි.

මහවැලි මහ සැලැස්මට ඇතුළත් පංච මහා ජලාශ අතුරින් මොරගහකන්ද කළුගඟ ජලාශ ව්‍යාපෘතිය සුවිශේෂි හේතු මත ශ‍්‍රී ලාංකීය කෘෂිකර්මාන්තයේ හදමඬල බඳු විය. කලාපයට අද මෙලෙස මහා ජල නිධානයක් බවට පත්ව ඇත.
මහවැලි ජලාශ අතුරින් කෘෂිකාර්මික වශයෙන් ප‍්‍රමුඛතාව දුන් විශාලතම ජලය ගබඩා කිරීමේ බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය වන්නේ මොරගහකන්ද කළුගඟ සංවර්ධන ව්‍යාපෘතිය යි. කෘෂිකාර්මික සංවර්ධනයට සමගාමීව අනුරාධපුරය, පොළොන්නරුව, මාතලේ සහ වයඹ ප‍්‍රදේශවාසී ජනතාවගේ ජීවනෝපාය සරිකර ගැනීම සඳහා තිරසාරව වසර පුරා වාරි ජලය සැපයීමත්, පිරිසිදු පානීය ජලය ලබාදීමත් මෙම ව්‍යාපෘතිය මඟින් අපේක්ෂිතය.

පසුගිය ජනවාරි 08 වනදා ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ සුරතින් මොරගහකන්ද ජලාශයේ දියවර මුදාහැරීමත් සමග යෝධ ඇළ ඔස්සේ ඇදෙන මහා ජල කඳ ඇලහැර – බකමුන ව්‍යාපාරයේ ගොවිබිම් තෙත් කරමින් පාරාක‍්‍රම සමුද්‍රය, මින්නේරිය, ගිරිතලේ ඇතුළු වැව් අමුණු කරා ගලා යමින් තිබේ. ඒ අනුව දැනට අහස් දියෙන් ගොඩ ගොවිතැන් කරන ප‍්‍රදේශයේ ගොවිජනතාව ඉදිරි කන්නය සඳහා වගා කිරීමට සැරසෙනුයේ
මොරගහකන්ද වාරි ජලයෙනි.

අද උදෑසන වන විට පරාක‍්‍රම සමුද්‍රයේ ජල ධාරිතාව අක්කර අඩි 107800 ක් වූ අතර ගිරිතලේ වැවේ ජල ධාරිතාව අක්කර අඩි 9150 ක් විය. මින්නේරිය වැවේ ධාරිතාව අක්කර අඩි 34233 ක් වී ඇති බව වාර්තා වේ.
අනාදිමත් කාලයක සිට ඵලදායී මෙහෙවරක නොයෙදී මහමුහුදට ගලාගිය මහා ජලකද ඝන මීටර් දස ලක්ෂ 818 ක් වන අතර ඒ මහා ජල කදට තිරසර අගයක් ලබාදෙමින් තම කදුළු කථාව නිමාකළ රජරටින් බිහිවූ තම ආදරණීය නායකයා වන ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාට ප‍්‍රදේශයේ ගොවි ජනතාව සිය හදපිරි ප‍්‍රණාමය පුද කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

මිලියන 40ක රත්‍රන් රේගු භාරයට

Mohamed Dilsad

දිවයින පුරා ප්‍රධාන රෝහල් 10 ක ආඝාත ඒකක…..

Mohamed Dilsad

විභාග මධ්‍යස්ථාන 03ක ප්‍රශ්න පත්‍රය බෙදීම ප්‍රමාද වෙයි

Mohamed Dilsad

Leave a Comment