ප්‍රමුඛ පුවත 1

තරුණයින් දෙදෙනෙකු අවසන් ගමන් ගිය හැටි

(UTV|කොළඹ)  – වලස්මුල්ල – හක්මන මාර්ගයේ ජූලේ හංදිය ප්‍රදේශයේදී සිදුවු රිය අනතුරකින් තරුණයින් දෙදෙනෙකු මියගොස් ඇති බව පොලිසිය පවසයි.

යතුරුපැදියක් පැදිකරුට පාලනය කරගත නෙහැකිව පෙරළිගොස් ඉදිරියෙන් පැමිණි ලොරි රථයක ගැටී අනතුර සිදුව ඇත.
අනතුරෙන් බරපතළ තුවාල ලැබු යතුරුපැදියේ පැදිකරු සහ පසුපැදිකරු වළස්මුල්ල රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් තිබේ.
මියගොස් ඇත්තේ වළස්මුල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි 23න් හැවිරිදි සහ 24 හැවිරිදි තරුණයින් දෙදෙනෙකි.
අනතුර සම්බන්ධයෙන් ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබේ.
වළස්මුල්ල පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.

Related posts

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ සමුළුවට ගියා නම් සාමාජිකත්වය අහෝසී – ශ්‍රීලනිපය කියයි

Mohamed Dilsad

රත්ගම සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් 07 දෙනා රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ

Mohamed Dilsad

වැල්ලම්පිටිය පොලිස් ස්ථානාධිපතිට ස්ථාන මාරුවක්

Mohamed Dilsad

Leave a Comment