ප්‍රමුඛ පුවත 1

අදත් විශේෂ රථ වාහන සැලැස්මක්

(UTV|කොළඹ) –  අද (24) දිනයේත් පෙරවරු 11.30 ත් පස්වරු 2 ත් අතර කාලය තුළ කටුනායක අධිවේගී මාර්ගය ඇතුලු කොළඹ මාර්ග කිහිපයක රථවාහන ගමනාගමනය සීමා කරන බව පොලීසිය පවසයි.

ඒ ඉන්දුනීසියානු ජනාධිපතිවරයා දිවයිනට පැමිණීම සහ සිංගප්පූරු අග්‍රාමාත්‍යවරයා දිවයිනෙන් පිටත්ව යාම හේතුවෙනි.

එබැවින් විකල්ප මාර්ග භාවිත කරන ලෙසයි පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.

ඉන්දුනීසියානු ජනාධිපතිවරයා දිවයිනට පැමිණෙන අද පෙරවරු 11.30 සිට පස්වරු එක දක්වා කාලය තුළ කටුනායක ගුවන් තොටුපලේ සිට අධිවේගී මාර්ගය ඔස්සේ පෑලියගොඩ, බණ්ඩාරනායක මාවත, ඔරුගොඩවත්ත, දෙමටගොඩ, බොරැල්ල, ඩී.එස්. හන්දිය, ග්‍රීන්පාක්, නෙළුම් පොකුණ හන්දිය, පුස්තකාල වටරවුම, ලිබර්ටි වටරවුම, සෙන් මයිකල් පාර ඔස්සේ ගාලු පාර දක්වා මෙලෙස මාර්ග වසා තැබීමට හා රථවාහන ගමනාගමනය සීමා කිරීමට කටයුතු කෙරෙනු ඇත.

එමෙන්ම සිංගප්පූරු අග්‍රාමාත්‍යවරයා අද දහවල් 12 ට පාර්ලිමේන්තුවට පැමිණීමට නියමිත අතර, ඒ අනුව ගාලුමුවදොර වටරවුම, කොල්ලුපිටිය මංසන්ධිය, ධර්මපාල මාවත, පිත්තල හන්දිය, පුස්තකාල මං සන්ධිය, ආනන්ද කුමාරස්වාමි මාවත, හෝර්ටන් පෙදෙස, ආයුර්වේද මංසන්ධිය, පාර්ලිමේන්තු පාර ඔස්සේ ඔහු පාර්ලිමේන්තුවට පිවිසෙනු ඇති.

නැවත එම මාර්ගය ඔස්සේම ඔහු නවාතැන් ගෙන සිටින ගාලුමුවදොර ප්‍රදේශයේ පිහිටි හෝටලය වෙත ගමන් කිරීමට නියමිත බැවින් අදාළ කාලයන් තුළ වාහන ගමනාගමනය සීමා කෙරෙන බවයි පොලීසිය සඳහන් කළේ.

පස්වරු එකේ සිට දෙක දක්වා කාලය තුළ සිංගප්පූරු අගමැතිතුමා දිවයිනෙන් පිටත්ව යාමට නියමිතයි.

ඒ අනුව එම කාලය තුළ ගාලු පාරේ සිට කොල්ලුපිටිය මංසන්ධිය, පිත්තල හන්දිය, පුස්තකාල වටරවුම, නෙළුම් පොකුණ, ග්‍රීන් පාත්, ඩී.එස්. හන්දිය, බොරැල්ල, දෙමටගොඩ, ඔරුගොඩවත්ත, බණ්ඩාරනායක වටරවුම, පෑලියගොඩ අධිවේගී මාර්ගයෙන් කටුනායක ගුවන් තොටුපල දක්වා පිවිසෙන මාර්ගයේ වාහන ගමනාගමනය සීමා කෙරෙනු ඇති.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

අමිත් වීරසිංහ අනුරාධපුර බන්ධනාගාරය තුළ උපවාසයේ

Mohamed Dilsad

දුෂණය අවම කිරීමට ශක්තිමත් නිවාරණ ඒකකයක්

Mohamed Dilsad

ජනපති අගමැති අද තීරණාත්මක සාකච්ඡාවකට සුදානම්

Mohamed Dilsad

Leave a Comment