(UTV|කොළඹ) – ඉන්දුනීසියානු ජනාධිපති ජොකෝ විඩෝඩෝ මහතා අද(25) පෙරවරුවේ දිවයිනෙන් පිටත්ව ගියේය.
ඒ සිය දෙදින නිල සංචාරය නිම කරමිනි.
ඉන්දුනීසියානු ජනාධිපතිවරයාගේ සංචාරය අතරතුරදී දෙරට අතර අවබෝධතා ගිවිසුම් තුනකටද අත්සන් තැබුණි.
නිල සංචාරයක් සඳහා ඊයේ(24) දිනයේදී මෙරටට පැමිණි ඉන්දුනීසියානු ජනාධිපති ජොකෝ විඩෝඩෝ මහතා ඉතා උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.
අනතුරුව ජොකෝ විඩෝඩෝ මහතා ඊයේ පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලය වෙත පැමිණි අතර එහිදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඉන්දුනීසියානු ජනාධිපතිවරයා ඉතා උණුසුම් අයුරින් පිළිගත් අතර ඔහු වෙනුවෙන් ආචාර වෙඩි මුර 21ක් සහිතව හමුදා උත්තමාචාර ද පිරිනමනු ලැබීය.
ඉන් අනතුරුව දෙරටේ නායකයින් අතර සුහද කතාබහකින් පසුව ද්වී පාර්ශ්වික සාකච්ඡා ආරම්භ කෙරුණි.
ප්‍රධාන ක්ෂේත්‍ර 03ක් ඔස්සේ එම ද්වී පාර්ශ්වික සාකච්ඡා පැවැත්වුණු අතර දෙරටේ ආර්ථික සහයෝගීතාව තවදුරටත් වර්ධනය කරගැනීම, දෙරට අතර පුද්ගල හා ආයතනික ධාරිතාව වර්ධනය කරගැනීම සහ ඉන්දියානු ශාන්තිකර සහයෝගීතාව වර්ධනය කරගැනීම පිළීබඳව අවධානය යොමුව තිබේ.
දෙරට අතර ද්වීපාර්ශ්වික වෙළඳ සබඳතා ප්‍රවර්ධනය කරගැනීම සඳහා නිදහස් වෙළඳ ගිවිසුමකට අත්සන් තැබීම පිළිබඳව ද මෙහිදී නායකයින්ගේ අවධානය යොමු වූ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.
ජනාධිපතිවරුන් දෙදෙනාගේ ද්වී පාර්ශ්වික සාකච්ඡාවලින් අනතුරුව ඔවුන් ඉදිරියේ දෙරට අතර සහයෝගීතාව වර්ධනය කෙරෙන නව අවබෝධතා ගිවිසුම් 03කට ද අත්සන් තබා තිබේ.
මෙලෙස අත්සන් තබා ඇත්තේ උසස් අධ්‍යාපන පර්යේෂණ හා තාක්ෂණික සහයෝගීතාව, නීති විරෝධී අයුරින් මත් ද්‍රව්‍ය සහ මත් කුඩු මැඩලීම මෙන්ම ගිවිසුම සහ සෝදිසි හා ගලවා ගැනීමේ මෙහෙයුම් පිළිබද අවබෝධතා ගිවිසුම කිහිපයකටයි.
සිය නිල සංචාරය නිමවා ඉන්දුනීසියා ජනාධිපතිවරයා ඇතුලු පිරිස අද පෙරවරු 8.50ට දිවයිනෙන් පිටත්ව ගියේය.
[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]