ප්‍රමුඛ පුවත 1

ඉතාලි රැකියා පෙන්වා මුදල් වංචා කළ සැකකරුවෙකු අත්අඩංගුවට

(UTV|කොළඹ) – ඉතාලියේ රැකියා ලබාදෙන බව පවසමින් පුද්ගලයින්ගෙන් මුදල් වංචා කල සැකකරුවෙකු විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකයේ නිළධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

 ඉතාලියේ රැකියාවක් සඳහා සැකකරුට මුදල් ලබාදුන් අයෙකු එම රැකියාව නොලැබීම හේතුවෙන් කාර්යාංශයට පැමිණිලි කර තිබේ. ඒ අනුව ක්‍රියාත්මක වූ විමර්ශන නිළධාරීන් රහසිගත ආවේෂණීය පරීක්ෂණයකින් අනතුරුව ඊයේ (26) ගල්කිස්ස ප‍්‍රදේශයේදී මෙහි සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ. මොහු රත්මලාන ප‍්‍රදේශයේ පදිංචි අයෙකි.

ඔහු සිය කාර් රථයේ ජංගම විදේශ රැකියා ආයතනයක් පවත්වා ගෙන ගොස් ඇති අතර, එහි තිබී විදේශ ගමන් බලපත‍්‍ර 23ක්, ඉතාලි රැකියා ගිවිසුම් 9ක්ද අත්අඩංගුවට ගෙන තිබේ. මෙම සිදුවීමට සම්බන්ධ තවත් සැකකරුවන් සිටීද යන්න පිලිබඳව මේ වන විට කාර්යාංශයේ විමර්ශන ඒකකය විසින් පරීක්ෂණ පවත්වයි. නීත්‍යානුකූල බලපත‍්‍රයක් නොමැතිව පුද්ගලයින් විදේශ රැකියා සඳහා යැවීමට කටයුතු කිරීම හා මුදල් වංචා කිරීම සම්බන්ධයෙන් සැකකරු අද දින ගල්කිස්ස මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලදී.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ අධිකරණ හා විදේශ රැකියා අමාත්‍ය නීතීඥ තලතා අතුකෝරළ මහත්මිය සඳහන් කළේ, මෙම වැටලීම සිදුකළ කාර්යාංශයේ සියලු නිළධාරීන්ට ස්තූතිවන්ත වන බවයි. එසේම මෙවැනි වංචාකරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට කිසිසේත්ම පසුබට නොවන බවද අමාත්‍යවරිය සඳහන් කළාය. මෙවැනි වංචාකරුවන් පිළිබඳව තොරතුරු දන්නේනම් කාර්යාංශයට දැනුම් දෙන ලෙසද අමාත්‍යවරිය මහජනතාවගෙන් ඉල්ලා සිටියාය.

මෙම වැටලීම සඳහා නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී නීතීඥ කීර්ති මුතුකුමාරණ මහතාගේ මඟපෙන්වීම මත විමර්ශන ඒකකයේ කළමණාකරු ප‍්‍රධාන පොලිස් පරීක්ෂක සී.ජී.වෙළගෙදර, නිති ක්‍රියාත්මක කිරීමේ නිළධාරී පොලිස් පරීක්ෂක රොෂාන් අනුරුද්ධ, උප පොලිස් පරීක්ෂක හසින්තක ලියනගේ, යන නිළධාරීන් හා කාර්යාංශ මාණ්ඩලික සහකාර ප‍්‍රසාද් පතිරණ අය එක්වූහ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

හෙට සිට වැසි අඩුවන ලකුණු

Mohamed Dilsad

අයි.එස් සමග සබඳතා පවත්වන ලාංකිකයන් පස්දෙනෙකු ගැන ඉන්දියාවෙන් තොරතුරු

Mohamed Dilsad

මැතිවරණ කොමිසමේ සභාපති සහ පක්ෂ නියෝජිතයින් අතර හමුවක්

Mohamed Dilsad

Leave a Comment