ප්‍රමුඛ පුවත 1

රාජකීයේ පළමු වසරට ළමුන් ගැනීමේ අක්‍රමිකතාවයට සම්බන්ධ 7කුගේ වැඩ තහනම්

( උදයම්,කොළඹ ) – 2017 වර්ෂයට අදාළව කොළඹ රාජකීය විද්‍යාලයේ පළමු ශ්‍රේණියට සිසුන් බදවා ගැනීමේදී සිදුවූ යේ යැයි කියන අක්‍රමිකතාවන්ට සම්බන්ධ නිලධාරින් 7 දෙනෙකුගේ වැඩ තහනම් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගනී.

අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් ගේ උපදෙස් මත පත් කළ විශේෂ විමර්ශන කමිටුව මගින් සිදුකළ විමර්ශනවලින් අනතුරුව මෙම තීරණය ගෙන ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි.

වැඩ තහනම් කළ නිලධාරින් අතර, ප්‍රධාන සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයේ සිටි නිලධාරින් තුන්දෙනෙකු සහ අභියාචනා මණ්ඩලයේ සිටි නිලධාරිහු සිව් දෙනෙක් වෙති.

සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයේ කටයුතු කළ කොළඹ රාජකීය විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පතිවරයෙකු, සහකාර විදුහල්පතිවරයෙකු සහ ගුරුවරයෙකු ද ඊට ඇතුළත් බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි .

මීට අමතරව අභියාචනා මණ්ඩලයේ කටයුතු කළ කැළණිය ධර්මාලෝක විද්‍යාලයේ විදුහල්පතිවරයා, මිලාගිරිය ශාන්ත පාවුළු බාලිකා විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පතිවරියක්, කොළඹ රාජකීය විදුහලේ නියෝජ්‍ය විදුහල්පතිවරයෙකු සහ ගුරුවරයෙකු ද වැඩතහනම් කළ නිලධාරින් පිරිසට ඇතුළත් වෙති.

මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කෙරෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කල නිවේදනයේ දැක්වේ.

Related posts

කංජිපානිගේ සිරදඬුවම ලිහිල් කරන ලෙස ඉල්ලා පෙත්සමක්

Mohamed Dilsad

නේවි සම්පත් යළි රිමාන්ඩ්

Mohamed Dilsad

සාමය සමගිය සහ සහජීවනය සඳහා වූ ජාතික සමුළුව අද කොළඹදී

Mohamed Dilsad

Leave a Comment