ප්‍රමුඛ පුවත 1

අර්තාපල් ගොවීන්ට බීජ අර්තාපල් සඳහා ලබාදෙන සියයට 50 ක සහනාධාරය සියයට සියය දක්වා ඉහළට

(UTV|කොළඹ) – අර්තාපල් ගොවීන්ට බීජ අර්තාපල් සඳහා ලබාදෙන සියයට 50 ක සහනාධාරය සියයට සියය දක්වා ඉහළ නැංවීමට කටයුතු කරන බව ජනාධිපතිවරයා පවසයි.

තේ ප‍්‍රතිඅපනයනය හේතුවෙන් මෙරට තේ පිළිබඳ ජාත්‍යන්තරයේ පවත්නා කීර්තිනාමයට සිදුව ඇති හානිය සහ කර්මාන්තයේ සිදුව ඇති බිඳවැටීම හේතුවෙන් තේ ප‍්‍රතිඅපනයනය සම්පූර්ණයෙන් නැවැත්වීමට පියවර ගන්නා බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.

එමෙන්ම ගම්මිරිස් ප‍්‍රතිඅපනයනය හේතුවෙන් ගම්මිරිස් මිල පහත වැටි තිබෙන අතර දේශීය ගම්මිරිස් ගොවියා ආරක්ෂා කිරීම වෙනුවෙන් ගම්මිරිස් ප‍්‍රතිඅපනයනය ද ඉදිරියේදී නැවැත්වීමට පියවර ගන්නා බව ජනාධිපතිවරයා පැවසීය.

ජනාධිපති  මෛතී‍්‍රපාල සිරිසේන මහතා මේ බව ප‍්‍රකාශ කළේ අද (28) පස්වරුවේ බදුල්ල නගරයේ පැවති ජනහමුවක් අමතමිනි.

රටේ ආර්ථික කළමනාකරණයේ වගකීම තමා මෙතෙක් එක්සත් ජාතික පක්ෂයට පවරා තිබුණ ද රටේ ජනතාවට මුහුණදීමට සිදුව තිබෙන පීඩාකාරී තත්ත්වය සැලකිල්ලට ගනිමින් ඉදිරියේදී එම කටයුතු තමා විසින් පත්කර තිබෙන ජාතික ආර්ථික සභාව හරහා සිදුකරන බව ද ජනාධිපතිතුමා මෙහිදී කියා සිටියේය.

විවිධ මුහුණවරින් එන දේශපාලන සංවිධාන කුමක් පැවසුවත් වංචාවෙන්, දුෂණයෙන් සහ අක‍්‍රමිකතාවයෙන් තොරව රට ගොඩනැගීමේ න්‍යාය පත‍්‍රය තිබෙන්නේ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය සතුව පමණක් බව පැවසූ ජනාධිපතිතුමා රටට අවශ්‍ය පරිවර්තනීය ගමන සඳහා සියලු දෙනා ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය සමග අත්වැල් බැඳගත යුතු බව ද කියා සිටියේය.

ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය අද පැහැදිලි ජනමතයක් ඔස්සේ ගොඩනැගෙන බව මෙහිදී පැවසූ ජනාධිපතිතුමා අද ජනතා පිළිගැනීම ඇති පක්ෂය බවට ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය පත්ව තිබෙන බව ද සඳහන් කළේය.

මෙවර පළාත් පාලන මැතිවරණයේදී ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ප‍්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජය තහවුරු කිරීම වෙනුවෙන් ජනාධිපතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් දිවයින පුරා සංවිධානය කර තිබෙන ජනහමු මාලාවේ බදුල්ල දිස්ති‍්‍රක් විජයග‍්‍රාහී ජන රැළිය මෙලෙස අතිවිශාල ජනතාවකගේ සහභාගිත්වයෙන් පැවැත්විණි. මෙහිදී ජනාධිපතිතුමාට එම ජනතාවගෙන් හිමිවූයේ උණුසුම් ප‍්‍රතිචාරයකි.

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, රාජ්‍ය අමාත්‍යවරුන් වන ඩිලාන් පෙරේරා, ලක්ෂ්මන් සෙනෙවිරත්න, පළාත් අමාත්‍ය සෙන්දිල් තොණ්ඩමන් යන මහත්වරුන් ඇතුළු මහජන නියොජිතයින් රැසක් මීට එක්ව සිටියහ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

බොලීවියානු කාන්තාවකට මෙරටදී ජීවිතාන්තය දක්වා සිර දඬුවම්..

Mohamed Dilsad

ඩෙංගු රෝගය යළි බෝවීමේ අවදානමක්

Mohamed Dilsad

රූමි මොහොමඩ් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment