(UTV|කොළඹ) – රුපියල් කෝටි 7 කට අධික වටිනාකමකින් යුත් රන් තොගයක් සමඟ පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
මේවා නීතිවිරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් ඉන්දියාවට රැගෙන යමින් තිබූ ඒවා බව නාවික හමුදාව පවසයි.
ඊයේ පස්වරුවේ තලෙයිමන්නාරම , ඌරුමලෙයි මුහුදු ප්‍රදේශයේදී මෙම සැකකරුවන් නාවික හමුදාව අත්අඩංගුවට ගනු ලැබීය.
සොයා ගැනුණු රන් තොගයේ බර කිලෝග්‍රෑම් 7 ක් වේ.
මේවා ග්‍රෑම් 100යේ කැබලි 120 ක් ලෙස අසුරා ප්‍රවාහනය සඳහා සූදානම් කර තිබූ බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.
[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]