ප්‍රමුඛ පුවත 1

මැතිවරණ පැමිණිලි බාරගැනීමට විශේෂ ඒකකයක්

(UTV| කොළඹ) –  2018 පළාත්මැ පාලන මැතිවරණ පැමිණිලි බාරගැනීම සඳහා ශ‍්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව  විශේෂ ඒකකයක් ස්ථාපිත කර තිබේ.

ශ‍්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව සඳහන් කළේ පුර්ව මැතිවරණ කටයුතු ආශ‍්‍රිතව සිදුවන හිමිකම් උල්ලංඝනයන් සහ කඩකිරීම් පිළිබඳව සොයා බැලීම මෙහි අරමුණ බව ය.
මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ දී කාන්තා අපේක්ෂිකාවන් ඉලක්ක කර සිදුවන ප‍්‍රචණ්ඩ ක‍්‍රියා පිළිබඳව සිද්ධීන් වාර්තා වන අතර ඒ සම්බන්ධයෙන් මෙම ඒකකයේ විශේෂ අවධානය යොමුකිරීමට නියමිතව තිබේ.
පැය විසි හතර පුරා ක‍්‍රියාත්මක 0773 088 135 හෝ 0773 762 112 දුරකථන අංකවලට ඇමතීමෙන් පැමිණිලි ඉදිරිපත් කළ හැකි බව ශ‍්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව සඳහන් කළේය.
ඊට අමතරව 0112 505 574 ෆැක්ස් අංකයට ද පැමිණිලි ඉදිරිපත් කළ හැක.
මේ අතර පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව තැපැල් ඡන්දය සලකුණු කිරීමට නොහැකි වූ පුද්ගලයින් සඳහා ලබන එක සහ දෙක යන දෙදින අවස්ථාව ලබාදීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

හැටන් – කොළඹ ප්‍රධාන මාර්ගයේ ගිලා බැසීමක්

Mohamed Dilsad

උත්සව සමයේ බීමත් රියදුරන් සොයා අද සිට මෙහෙයුම්

Mohamed Dilsad

රාමසාන් උපවාස සමය ඇරඹේ

Mohamed Dilsad

Leave a Comment