ප්‍රමුඛ පුවත 1

රට බෙදීමට හෝ රට විකිණීමට සැලසුම් සකස් කළේ වත්මන් යුගයේ නොවන බව ජනපති පවසයි.

(UTV| මාතලේ) – රට බෙදන සහ රට විකුණන බවට අද චෝදනා නගන්නේ ඉතිහාසයේ මේ රට පාලනය කළ කිසිදු රජකෙනෙක් හෝ ජනාධිපතිවරයෙක් සිදු නොකළ අන්දමින් රටේම කොටසක් සින්නක්කරව විදේශ රටකට පවරාදීමට සැලසුම් සකස්කළ අය වීම කනගාටුවට කරුණක් බව ජනාධිපතිතුමා පවසයි.

කොළඹ වරාය නගරයට අක්කර 240 ක් සින්නක්කරව චීනයට පවරාදීමට සැලසුම් සකස්කළ අන්දම සහ කොළඹ යුද හමුදා මූලස්ථානය පිහිටි අක්කර 6 ක භූමිය සින්නක්කරව ෂැංගි‍්‍රල්ලා හෝටල් සමාගමට පවරාදුන් අන්දම අද ඔවුන්ට අමතක වී ඇති බව ජනාධිපතිතුමා කියා සිටියේය.

ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ ඊයේ (29) පස්වරුවේ මාතලේ ප‍්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමිනි.

ජනාධිපතිවරයාට කුණු කන්දක්වත් ඉවත් කර ගැනීමට නොහැකි බවට හිටපු නායකයා කරන ප‍්‍රකාශ ද මෙහිදී සිහිපත් කළ ජනාධිපතිතුමා පැවසුවේ හිටපු නායකයා කුණු කන්දටත් අතගැසූ බව මේ රටේ ජනතාව හොඳින් දන්නා බවයි.

රතුපස්වල වතුර ඉල්ලා හැඬු ජනතාවට වෙඩි තැබුවා සේම කටුනායක කම්කරු අයිතිවාසිකම් ඉල්ලූ කම්කරුවන්ට වෙඩි තබා මරා දැම්මා සේම කොළොන්නාවට කුණු ගේන්නට එපා කියද්දී ඔවුන්ට තුවක්කුව දිගුකර ජීවිත ගණනාවක් විනාශවන තුරු කුණු කන්ද අහස උසට ගොඩනැගුවේ පැවති රජය බව ජනාධිපතිතුමා මෙහිදී සඳහන් කළේය.

වසර 10 ක් තිස්සේ ලබාගත් රුපියල් ටි‍්‍රලියන 10ක් වන විදේශ ණය ප‍්‍රමාණයෙන් මුදල් අමාත්‍යාංශයේ ලිපි ලේඛනවල සටහන්ව ඇත්තේ රුපියල් ටි‍්‍රලියන 01 ක් පමණක් වන අතර, ඉතිරි මුදලට සිදු වූ දෙයක් නොමැති බවට තමා පසුගියදා කළ ප‍්‍රකාශයට ද පිළිතුරු දෙමින් ,ජනාධිපති ඇමරිකන් ඩොලර් ටි‍්‍රලියන් ගණනක් සඳහන් කළ බවට, හිටපු නායකයා කළ ප‍්‍රකාශයද සිහිපත් කළ ජනාධිපතිතුමා පැවසූවේ තමන් එම ප‍්‍රකාශය නිකුත් කළේ ආර්ථික විශේෂඥයින් පෙන්වා දුන් වාර්තා අනුව ඉතා වගකීමෙන් යුතුව බවත්, හිටපු ජනාධිපතිවරයා 2015 ජනවාරි 08 වනදා ගණන් වරද්දා ගත් අයුරින්ම නැවත ද ගණන් වරද්දා ගනිමින් සිටින බවත්ය.

ඇතැමුන් සේ තමා සැමදා ජනාධිපති ධුරයේ රැඳී සිටීමට ව්‍යවස්ථාව සකස් කර නොගන්නා අතර මේ රට උගත් තරුණ පරපුරට භාරදීමට සූදානම් කරන බව මෙහිදී පැවසූ ජනාධිපතිතුමා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනය සිදු කිරීමත් සමග අද මේ රට පාලනය කරන්නේ රජෙක් හෝ ජනාධිපතිවරයෙක් නොව රටේ ජනතාව විසින් බව ද කියා සිටියේය.

දූෂිත මෙන්ම අවස්ථාවාදී දේශපාලනඥයින් පළවා හැරීමේ සටනට මෙම පෙබරවාරී 10 වනදා මේ රටේ ජනතාව ඒකරාශී විය යුතු බව මෙහිදී පැවසූ ජනාධිපතිතුමා බුළත් කොළයට හැර අන් සෑම පක්ෂයකට ලබාදෙන ඡන්දය දූෂිත දේශපාලනය ශක්තිමත් කිරීමට ලබාදෙන ඡන්දයක් බව මේ රටේ ජනතාව අමතක නොකළයුතු බවද කියා සිටියේය.

මෙවර පළාත් පාලන මැතිවරණයේදී ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය ප‍්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජය තහවුරු කිරීම වෙනුවෙන් ජනාධිපතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් දිවයින පුරා සංවිධානය කර තිබෙන ජනහමු මාලාවේ තවත් සාර්ථක ජනහමුවක් මෙලෙස මාතලේ දී පැවැත්විණි.

ජාතික නිදහස් පෙරමුණේ මාතලේ ආසනයේ නගර සභා අපේක්ෂක පි‍්‍රයන්ත හේරත්, 2011 හෙළ උරුමයේ කණ්ඩායම් නායක තරුණ සංවිධානයේ සභාපති ජානක ආරියරත්න, එක්සත් ජාතික පක්ෂයේ මාතලේ රත්තොට දිස්ති‍්‍රක් කළමනාකරු මධ්‍යම පළාත් උපාධිධාරි සංගමයේ ප‍්‍රධාන ලේකම් ආර්ථික විද්‍යා කථිකාචාර්ය මහින්ද විජේසේකර, මාතලේ ප‍්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂ හිටපු උප සභාපති නිමල්සිරි වික‍්‍රමනායක යන මහත්වරුන් මෙහිදී පිරිසිදු පාලනයක් සඳහා ජනාධිපතිතුමා ගෙනයන වැඩපිළිවෙළට සහය පළ කරමින් ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය හා එක්වූහ.

අමාත්‍ය සුසිල් පේ‍්‍රමජයන්ත, නියෝජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් වසන්ත පෙරේරා, නන්දිමිත‍්‍ර ඒකනායක, මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිලුකා ඒකනායක, ප‍්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක, වීරකුමාර දිසානායක, අනුරුද්ධ පොල්ගම්පොළ,මාතලේ ආසන සංවිධායක උජිත් අනුරාධ යන මහත්වරුන් ඇතුළු ආසන සංවිධායකවරුන් ඇතුළු ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ කි‍්‍රයාකාරීන් රැසක් මෙම ජනහමුවට එක්ව සිටියහ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මාරවිලදී යතුරු පැදි අනතුරකින් දෙදෙනෙකු මරුට

Mohamed Dilsad

ඇමැති වජිර අබේවර්ධනගේ යෝජනාව ප්‍රතික්ෂේප වෙයි…

Mohamed Dilsad

රටවල් කීපයකට නව තානාපතිවරුන් පත් කෙරේ.

Mohamed Dilsad

Leave a Comment