ව්‍යාපාරික

කුළුබඩු අපනයනය ආශ්‍රිත නියමු ව්‍යාපෘතියක්

(UTV| කොළඹ) – ශ්‍රී ලංකාවේ කුළුබඩුවල කීර්තිනාමය වැඩි දියුණු කරමින් ඉහළටම ගෙන යාම සඳහා කුළුබඩු අපනයනය ආශ්‍රිත නියමු ව්‍යාපෘතියක් ආරම්භ කරන බව කර්මාන්ත හා වානිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බද්යුඩීන් මහතා පවසයි.

ඒ මඟින් “සිලෝන් ගම්මිරිස්” කීර්තිනාමය තව තවත් ඉහළට නංවමින්, කුළුබඩු අපනයනකරුවන්ට අමාත්‍යාංශය හා ආයතන හරහා සහාය ලබා දීමට පියවර ගන්නවා. එහි පළමු පියවර ලෙස සති 1 -2 ක් ගතවන අපනයන
නිෂ්කාශන කටයුතු කඩිනම් කිරීමට, මා පියවර ගන්නවා.

ඒ අනුව මම වාණිජ දෙපාර්තමේන්තුවට කියනවා, පැය 48 කටත් අඩු කාලයකින් අපනයන නිෂ්කාශන කටයුතු ඉටු කරන ලෙසට නියම කරනවා. ඒ වගේම ඔබට බලපාන සෑම බාධකයක්ම ඉවත් කර ඔබගේ අපනයන දෙගුණයක් දක්වා වැඩි කිරීමට මේ වසරේදී අපේ අමාත්‍යාංශය ඔස්සේ සහයෝගය ලබා දෙනවා යැයි ද අමාත්‍යවරයා පවසයි.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ,පසුගියදා කර්මාන්ත අමාත්‍යාංශයේ දී කුළුබඩු නිෂ්පාදකයන් සමඟ පැවැති සාකච්ඡාවකදීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

දිවා ඉඩමේ වාසනාව අටවන අදියරේ ජයග්‍රාහකයින් මෙන්න

Mohamed Dilsad

රන්මිණිතැන්න විකිණීමේ කිසිදු තීරණයක් ගෙන නෑ ජනමාධ්‍ය ඇමති කියයි

Mohamed Dilsad

මද්‍යසාර සහ දුම්වැටි බදු වැඩි කිරීමේ වැඩි වාසිය අදාළ සමාගම්වලට – ඇඩික් ආයතනය කියයි.

Editor O

Leave a Comment