ව්‍යාපාරික

ශ්‍රී ලංකාවේ දී පිළිකා ඖෂධ නිපදවීමට කර්මාන්ත ශාලාවක්

(UTV| කොළඹ) – 2736නැනෝ තාක්ෂණය ඔස්සේ පිළිකා නාශක ඖෂධ නිෂ්පාදනය කිරීමේ කර්මාන්ත ශාලාවක් ඉදිකිරිම සදහා මුල්ගල් තැබීම  සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පයාගල මලේගොඩ ප්‍රදේශයේ දී පසුගියදා සිදු කරන ලදි.

ශ්‍රී ලංකාවට අවශ්‍ය ඖෂධ නිෂ්පාදනය කිරීමේ වැඩපිළිවෙළ යටතේ මෙම කර්මාන්ත ශාලාව රුපියල් බිලියන 1.4 ක ආයෝජනයකි. ඉන්දියාවේ “ස්පෑල්” සමාගම සහ “සෑන්ස් ඇක්ටිව්” පෞද්ගලික සමාගම ඒකාබද්ධව මෙම කර්මාන්ත ශාලාව ඉදිකරනු ලබයි. ඒ අක්කර 15 ක භූම්භාගයකයි. කලුතර දිස්ත්‍රික්කයේ රැකියා විරහිත තරුණ තරුණියන් 500 කට මෙමගින් රැකියා අවස්ථා උදාවෙයි.

මෙහි ගිවිසුම් අත්සන් කිරීම පසුගියදා සිදු කෙරිණි.

පිළිකා ඖෂධයක අවම මිල රුපියල් 150,000 ක් පමණ වන නිසා ශ්‍රී ලංකාවට අවශ්‍ය ඖෂධ මෙරටදීම නිෂ්පාදනය කිරීමට තීරණය කළ බවත් රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නිතිගත සංස්ථාව සමග ඖෂධ නිෂ්පාදනය කිරීම සඳහා සමාගම් 40 ක් ගිවිසුම් අත්සන් කර තිබෙන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

එම ගිවිසුම්වලට අනුව මේ වනවිට මහනුවර, හොරණ යන ප්‍රදේශවල ඖෂධ නිෂ්පාදන කර්මාන්ත ශාලා ඉදිකර නිෂ්පාදන කටයුතු ආරම්භ කර තිබෙන අතර  කලුතර වැලිපැන්න ප්‍රදේශයේ ඖෂධ නිෂ්පාදන කර්මාන්ත කලාපයක් ඉදිකරන බවත් එහි ඖෂධ නිෂ්පාදන කර්මාන්ත ශාලා 19 ක් ඉදිවන බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

ඒ මහතා ප්‍රකාශ කළේ රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාවේ ද නව කර්මාන්ත ශාලාව ඉදිකිරීමෙන් පසු නිෂ්පාදන ධාරිතාවය බිලියන 4 දක්වා ඉහළ යන බවයි.

මෙම අවස්ථාවට රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාවේ සභාපති වෛද්‍ය සයුර සමරසුන්දර, කළමණාකාර අධ්‍යක්ෂ එම්. සුන්දරලිංගම් මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ලෝක වෙළඳපොලේ තෙල් මිල පහළ යයි

Mohamed Dilsad

2018 වසරේ ආසියාවේ හොදම රක්‍ෂණ සමාගම ලෙස සොෆ්ට්ලොජික් ලයිෆ් සම්මාන ලබයි

Mohamed Dilsad

සඳුදා සිට පාන් මිල වැඩිකෙරේ

Mohamed Dilsad

Leave a Comment