ප්‍රමුඛ පුවත 1

ඡන්ද ප්‍රචාරණ කටයුතු අද මධ්‍යම රාත්‍රියෙන් අවසන්

(UTV| කොළඹ) – 2018 පළාත් පාලන ආයතන ඡන්ද වීමසීමට අදාළ ව මැතිවරණ ප්‍රචාරණ කටයුතු සිදුකිරීම අද (07) මධ්‍යම රාත්‍රියේ සිට සම්පූර්ණයෙන්ම තහනම් බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

මෙම නීතිය 11දා දක්වාම ක්‍රියාත්මක වන අතර මෙම කාලය තුළ එවැනි ක්‍රියාවන් සිදුනොකරන ලෙසට සියලු ම අපේක්ෂකයන්ගෙන් හා ආධාරකරුවන්ගෙන් ශ්‍රී ලංකා පොලිසිය ඉල්ලා සිටින අතර එවැනි ක්‍රියාවන් සිදුකරන පුද්ගලයින්ට නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවත් දැනුම් දෙයි.
ඡන්දය ඉල්ලා නිවසින් නිවසට යාම පිළිබඳ ව පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ ආඥා පනත සහ පොලිස් ආඥා පනතේ ප්‍රතිපාදන අනුව ඡන්දය ඉල්ලා නිවසට යාමේ දී යා හැකි උපරිම පුද්ගලයින් ගණන 11ක් වන අතර උදේ 6.00 සිට රාත්‍රි 9.00දක්වා පමණක් මෙලෙස නිවසින් නිවසට ගොස් අත් පත්‍රිකාවක් හෝ ඔවුන්ගේ යම් ප්‍රකාශන පත්‍රයක් බෙදාදීමට හැකියාව ඇත.
මාර්ගයේ ගමන්කරන අතරතුරදී අත් පත්‍රිකාවක් හෝ ඔවුන්ගේ යම් ප්‍රකාශන පත්‍රයක් ප්‍රදර්ශනය කිරීම එමෙන්ම මාර්ගයේ ගමන් කරන අතරතුරදී අත් පත්‍රිකාවක් හෝ ඔවුන්ගේ යම් ප්‍රකාශන පත්‍රයක් බෙදාදීමද තහනම් වේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මධ්‍යම, ඌව, සබරගමුව, වයඹ සහ බස්නාහිර පළාත්වලට තද වැසි

Mohamed Dilsad

මෙරට සෞඛ්‍ය සේවය ඇගයීමට ලක් කෙරේ

Mohamed Dilsad

සබරගමු⁣වේ පාසල් වසයි

Mohamed Dilsad

Leave a Comment