ප්‍රමුඛ පුවත 1

රට ඉදිරියට ගෙනයාමේ වැඩපිළිවෙළේ ඇරඹුම ලබන 10 වනදායින් ආරඹේ – ජනපති

(UTV| කොළඹ) – ජනතාව කෙරෙහි විශ්වාසය තබමින් නොකිලිටි දේශපාලන ව්‍යාපාරයක් සමග රට ඉදිරියට ගෙනයාමේ වැඩපිළිවෙළේ ඇරඹුම මෙම පෙබරවාරී 10 වන දා සනිටුහන් කරන බව ජනාධිපතිතුමා පවසයි.

ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ ඊයේ (06) පස්වරුවේ මහරගම ප‍්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමිනි.

දූෂිත දේශපාලනඥයින්ගේ රැකවරණය වෙනුවෙන් අලුත් පක්ෂයක් හරහා ගොඩනගාගත් පවුර මෙම පෙබරවාරි 10 වනදා රටට ආදරය කරන ජනතාව එක්ව බිඳ දමනු ඇති බව ද ජනාධිපතිතුමා මෙහිදී සඳහන් කළේය.

ඉදිරියේදී මේ රට සෞභාග්‍යවත් දේශයක් ලෙස ගොඩනැගීමට නම් රටට නායකත්වය දිය යුත්තේ සොරුන් නොවන පිරිසිදු දේශපාලනඥයින් පිරිසක් බව පැවසූ ජනාධිපතිතුමා එම ජනතාවාදී ව්‍යාපාරයේ පෙරමුණ ගත හැක්කේ රටේ ජනතාවාදී ව්‍යාපාරය වූ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයට පමණක් බව ද කියා සිටියේය.

ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ සභාපතිත්වය තමා විධායක බලතල යොදවා ලබාගත් බවට හිටපු ජනාධිපතිවරයා රූපවාහිනී නාලිකාවකට කළ ප‍්‍රකාශය ද සිහිපත් කළ ජනාධිපතිතුමා කියා සිටියේ හිටපු කථානායකවරයාගේ නිවසට ඒමට තමාට ආරාධනා කර ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්තී‍්‍රවරුන් පිරිසක් ද ඉදිරිපිට එකම මේසයක වාඩිවී සාකච්ඡා කිරීමෙන් අනතුරුව එම සභාපතිත්වය තමා වෙත භාරදුන්නේ හිටපු ජනාධිපතිවරයා විසින්ම බවයි. එබැවින් එවැනි ප‍්‍රකාශ පිළිබඳ තමා කනගාටු වන බව ද ජනාධිපතිතුමා පැවසීය.

අද විරුද්ධ දේශපාලනඥයින් විසින් නගන සියලු චෝදනා සහ විවේචන ප‍්‍රතික්ෂේප කරන අතරම නිදහස් ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජයක වංචාවෙන්, දූෂණයෙන් තොර පිරිසිදු දේශපාලන ව්‍යාපාරයක් සමග රට ගොඩනැගීමේ වැඩපිළිවෙළ ඉදිරියටම කි‍්‍රයාත්මක කරන බව ද ජනාධිපතිතුමා මෙහිදී අවධාරණය කළේය.

මෙවර පළාත් පාලන මැතිවරණයට එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් මහරගම නගර සභාවට තරගකරන අපේක්ෂකයින්ගේ ජය තහවුරු කිරීම වෙනුවෙන් මෙම ජනහමුව සංවිධානය කර තිබුණි.

අමාත්‍යවරුන් වන සුසිල් පේ‍්‍රමජයන්ත, ෆයිසර් මුස්තාපා රාජ්‍ය අමාත්‍යවරුන් වන ලක්ෂ්මන් යාපා අබේවර්ධන, ඒ. එච්. එම්. ෆවුසි, බස්නාහිර පළාත් ප‍්‍රධාන අමාත්‍ය ඉසුර දේවපි‍්‍රය, පළාත් අමාත්‍යවරුන් වන ගාමිණී තිලකසිරි, හෙක්ටර් බෙත්මගේ, එච්. එම්. බුද්ධදාස, චන්දන කති‍්‍රආරච්චි, චන්ද්‍රිකා සොයිසා යන මහත්ම මහත්මින් සහ මහරගම නගර සභාවට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ තරගකරන අපේක්ෂක අපේක්ෂිකාවන් ඇතුළු පිරිසක් මෙම ජනහමුවට එක්ව සිටියහ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

මධ්‍යම පළාත් සභා මන්ත්‍රී උවයිස් මහතා ගින්තොට සිද්ධිය බලන්න යයි

Mohamed Dilsad

කොරෝනා ආසාදනය වූ පළමු ශ්‍රී ලාංකිකයා හමුවෙයි

Mohamed Dilsad

පවුලක් නොමැති දරුවන්ගේ රැකවරණයට විශේෂ වැඩසටහනක්

Mohamed Dilsad

Leave a Comment