ප්‍රමුඛ පුවත 1

රූපලාවන්‍ය ක්ෂේත‍්‍රයේ ගැටළුවලට කඩිනම් විසඳුම්

(UTV| කොළඹ) – රූපලාවන්‍ය ක්ෂේත‍්‍රයේ ගැටළු හඳුනාගැනීම සඳහා අග‍්‍රාමාත්‍ය කාර්යාලයේ ප‍්‍රතිපත්ති සංවර්ධන කාර්යාලය මගින් සිදුකරමින් පවතින දීප ව්‍යාප්ත සමීක්‍ෂණයට ඉතා ඉහල ප‍්‍රතිචාර ලැබෙමින් පවතින අතර එහි දී හඳුනාගත් ඇතැම් ප‍්‍රධාන ගැටළු සඳහා මේ වන විටත් විසඳුම් ලබා දීමට කටයුතු කරමින් සිටින බව ප්‍රතිපත්ති සංවර්ධන කාර්යාලය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

ක්ෂේත‍්‍රය තුළ දී මුහුණ පෑමට සිදුවන විවිධ අපහසුතා පිළිබඳවත් ක්ෂේත‍්‍රයේ සංවර්ධන සඳහා ගත යුතු පියවර ආදිය පිළිබඳවත් දිවයින පුරා වෙසෙන රූපලාවන්‍ය ශිල්පී ශිල්පිණියන් රාශියකගේ අදහස් හා යෝජනා විශාල ප‍්‍රමාණයක් මේ වන විටත් ප‍්‍රතිපත්ති සංවර්ධන කාර්යාලය වෙත ලැබෙමින් පවතී.
මෙම දත්ත තවමත් ලැබෙමින් පවතින නිසා විශ්ලේෂණය කර අවසන් කර නොමැති නමුදු දැනට ලැබී ඇති දත්ත අනුව ක්ෂේත‍්‍රයේ සිටින බොහෝ දෙනෙකුට ඇති ප‍්‍රධානතම ගැටළු දෙකක් හඳුනාගෙන ඇත. එනම් රූපලාවන්‍ය ශිල්පීන්ට තම රූපලාවන්‍යගාරය පවත්වාගෙන යාමට සුදුසු ස්ථානයක් නොමැති වීම සහ තම රූපලාවන්‍යාගාරය දියුණු කිරීමට අවශ්‍ය මුලික ප‍්‍රාග්ධනය නොමැති වීමයි. මෙම හඳුනාගත් මුලික ගැටළු සඳහා විසඳුම් ලබා දීමට මේ වන විටත් සැළැසුම් කරමින් සිටින අතර එහි දී රූපලාවන්‍යාගාර සඳහා සුදුසු ස්ථානයක් නොමැති වීම පිළිබඳ ව ප‍්‍රාදේශීය ලේකම්වරු සහ පළාත් සභා නිලධාරීන් හරහා විසඳුම් ලබා දීමට දැනටමත් කටයුතු කරමින් පවතී. මූලික ප‍්‍රාග්ධනය හිඟකම පිළිබඳ ගැටළුවට විසඳුම් ලබා දීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව සමඟ දැනටමත් සාකච්ඡා ආරම්භ කර ඇත.
මෙම ව්‍යාපෘතිය සඳහා රූපලාවන්‍ය ශිල්පී ශිල්පිණියන්ගේ මැදිහත් වීම ඉතාමත් අගය කරන අතර මෙතෙක් මේ සඳහා අදහස් යෝජනා ලබා නොදුන් අය සිටීනම් කඩිනමින් තම ගැටළු හා යෝජනා දන්වා එවන ලෙස අග‍්‍රාමාත්‍ය කාර්යාලයේ ප‍්‍රතිපත්ති සංවර්ධන කාර්යාලය විසින් ඉල්ලා සිටියි.
තරුණ තරුණියන් සඳහා ඉතා සාර්ථක ස්වයං අභිමානි වෘත්තියක් වශයෙන් රූපලාවන්‍ය ක්ෂේත‍්‍රය හඳුනාගෙන ඇත. ඉදිරියේ දී උසස් ප‍්‍රමිතියකින් හා නවීන තාක්‍ෂණයෙන් යුතු රූපලාවන්‍යාගාර පද්ධතියක් ශ්‍රී ලංකාව තුළ බිහිකරමින් සාර්ථක යොවුන් ව්‍යවසායකයින් පිරිසක් බිහි කිරීමත් ගුණාත්මක රූපලාවන්‍ය සංස්කෘතියක් බිහි කිරීමත් මෙම ව්‍යාපෘතියේ අරමුණු අතර වේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

පුලියම්කුලමේ නිවසකින් කේරල ගංජා තොගයක් සොයා ගනී

Mohamed Dilsad

තමිල්නාඩු ධිවරයින්ට පහරදුන් බවට වන චෝදනා නාවික හමුදාව ප්‍රතික්‍ෂේප කරයි

Mohamed Dilsad

වෛද්‍ය සාෆිට එරෙහි නඩුව දහවල් 1 දක්වා කල් යයි

Mohamed Dilsad

Leave a Comment